යාපනය කෝපායි ප්‍රදේශයේ පොල්ගසක එකම කඹයේ එල්ලී මියගොස් සිටි යුවළකගේ සිරුරු ඊයේ :11* අලුයම පොලිසිය මඟින් සොයා ගෙන තිබේග
මෙය ඝාතනයක් බවට පොලිසිය විශ්වාස කරයිග මිය ගොස් ඇත්තේ සිව්දරු පියකු වූ ධනබාලසිංහම් නැමැත්තෙක් හා දෙදරු මවක වූ දයානා ඉන්දුෂා නමැත්තිය බව කෝපායි පොලිසිය පවසයි. එකම කඹයේ දෙකෙලවර මුහුණට මුහුණ සිටින සේ මළ සිරුරු එල්ලී තිබී ඇත. දෙදෙනා වෙන වෙනම විවාහ වී සිට ඇති අතර විවාහයට පෙර පෙම් යුවළක් වී සිට පසුව වෙන් වී ඇති බව හෙළිව තිබේ.
පසුව දරුවන් ද සිටිය දී නැවත හමුවූ දෙදෙනා යළි අනියම් පෙම්වතුන් බවට පත්ව ඇත.
මේ දෙදෙනා හොර රහසේ වරින් වර හමුවී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
පෙරේදා :10* රාත්‍රියේ දී මොවුන් දෙදෙනා හමුවීමෙන් පසු යම් පිරිසක් ඝාතනය කර එල්ලා ඇති බවට පොලිසිය සැක කරයිග ඔවුන් එල්ලී සිටි පොල්ගස යට ඔවුන්ට අයත් බවට විශ්වාස කෙරෙන ජංගම දුරකථන හා වෙනත් භාණ්ඩ කීපයක් තිබුණු බව පොලිසිය කීයග ඊයේ උදෑසන එම ස්ථානයට පැමිණි යාපනය මහේස්ත්‍රාත්වරයා මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණ පවත්වා මළ සිරුරු රෝහල වෙත රැගෙන යාමට පොලිසියට උපදෙස් දී තිබේග මරණ පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවක් ද කැඳවා ඇත.
කෝපායි පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Post a Comment
Your comment will be visible after approval