උරහිසේ මතුව ඇති ආබාධයකට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ (19) දිනයේදී යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි.
එහිදී මාධ්‍යය ඇමතු ඔහු,
“ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා ඇතින්නක් අයින් කරලා කිරි බොන පැටියාගෙන්, පැටියා මැරිලා.
මේවාගේ වැඩ කිසිම ශිෂ්ටාචාර රටක වෙන්නේ නැහැ. මේ වගේ වනචාරී වැඩ, ජනතාව මේ වනචාරී වැඩ, ජනතාව මේ වගේ වනචාරී වැඩ පිළිගන්නවද?”
යනුවෙන් ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට බදුන්වුයේ පසුගිය 09 වනදා පින්නවලදී මිය ගිය ලසදා නම් ඇතින්නගේ මාස 6 ක් වයසැති පැටවා මිය යාමය.සැබවින්ම මෙම පැටවා මිය ගියේ කෙසේද?
යුද්ධය පැවති සමයේදී මුලතිව් කාලයේ වාසය කල ලසදා ඇතින්න යුධ හමුදාව මගින් පින්නවල අලි අනාථාගාරයට බාරකොට ඇත.ලසදා ඇතින්න අලි අනාථාගාරය තුල කීකරු ඇතින්නක්ව සිට ඇති අතර ඇයට වයස 17 දී පළමු පැටවා ප්‍රසුත කර ඇත.
නමුත් අවාසනාවට ඇයගේ පයටම පෑගී ඇගේ පැටවා මිය ගොස් ඇත.ඉන්පසුව 2011 ජනවාරි මස 16 වන දින ලසදා දෙවන පැටවා බිහි කර ඇත.නමුත් එම පැටවාට සිය මවගේ තුරුලේ ඉන්න සිදුව ඇත්තේ මාස පහක් වැනි කාලයක් පමණි.
ඒ ජනාධිපතිතුමා අතින් ලසදා දෙවිනුවර විෂ්ණු දේවාලයට පුජා කල නිසාය.සිය මවගේ වෙන්වීමෙන් අනතුරුව පැටවා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර පැටවාට පාචනය වැළඳී ඇත.
ඒ අනුව අගෝස්තු 09 වනදා එම පැටවා එම රෝගයෙන්ම විජලනය වී මිය ගොස් ඇත.
දැනට එම මරණය සිදු වුයේ මව වෙන් කෙරෙනු නිසාද යන්නැයි පරීක්ෂණයක් සිදු වෙමින් පවතී.නමුත් එම පරීක්ෂණ වලින් කුමක් සොයා ගත්තත් ලසදාට සිය පැටවානම් ලැබෙන එකක් නැත.
ජායාරුප – ලංකාට්‍රුත් | ලක්බිම
Post a Comment
Your comment will be visible after approval