Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Anusha_Damayanthi_ 1ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් අවසන් මහා තරඟය ඊයේ දිනය්දී පැවැත්වූ අතර අවසන් තරඟය සඳහා චිලි තිලංක,අනුෂා දමයන්ති,මේනකා පිරිස්,හේමාල් රණසිංහ තරඟ කරනු ලැබුවා.

පසුගිය රියලිටි වැඩසටහන් වලදී එල්ල වූ චෝදනා නිසා මෙවර එස්.එම්.එස් කුටියක් වෙනමම ඉදි කර තිබු අතර තරඟකරුවෙකුගේ ඥාතියෙක් හට එම කුටියේ සිට එස්.එම්.එස් ලැබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

තරඟය අවසානයේ වැඩිම එස්.එම්.එස් මනාපය හිමිකරගනිමින් අනුෂා දමයන්ති ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කිරුල හිමි කරගත් අතර දෙවන තැන හේමාල් රණසින්හටත් තෙවන ස්ථානය මේනකාපිරිස් හටත් සිව්වන ස්ථානය චිලි තිලන්කටත් හිමි විය.
තරඟය අතරතුර මර්වින්ගේ හා ගීතාගේ පෙම් ජවනිකා හා සරත්ෆොන්සේකා පිලිබඳ සිදු කල ප්‍රකාශය විශේෂ අවස්ථා විය.

සරත් ෆොන්සේකාට ඩාන්ස් ස්ටාර් ඩාන්ස්
මර්වින් - බුද්ධික කුල සේකර කියන මහා ප්‍රඥාවන්තයා.එතුමාට කොතරම් ඉරිසියා කාරයෝ හිටියත් එතුමා යන ගමන යනවා…බුද්ධික නොයෙක් කට කතා තියෙනවා මං දන්නවා..

අද ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරය EAP සමුහ ව්‍යාපාරය විතරයි.එකට ගහන්න කිසිවෙකුට බෑ ශ්‍රී ලංකාවේ.මොකද මානුෂික මෙහෙයුම යනකොට රණබිමට ගිය පෞද්ගලික මාධ්‍යය රණවිරුවන් ශක්තිමත් කල සෝම එදිරිසිංහගේ ,ජීවකගේ සහ  EAP මාධ්‍ය ජාලයේ ස්වර්නවාහිනි කැමරාව පමණයි.

අද අපි මරාගෙන මැරෙන කොටි නැතුව වෙඩි හඬ බෝම්බ නැතුව අද බොහොම නිදහසේ මේ ස්වර්ණමය රාත්‍රියට එන්න පුළුවන් වෙලා තියෙනවා.කව්රු මොනවා කිව්වත්, මම කොහොමත් රජයේ ඇමති වරයෙක්, අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් එහි ගෞරවය හිමි විය යුතුයි.

රන්ජන් – ඒවගේම සරත් ෆොන්සේකා මහත්තයටත්….

මර්වින් - සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ වැරදි කර මිනිහෙක් එයාට ගෞරවයක් නැහැ

රන්ජන් – අතිගරු ජනාධිපතිතුමාත්,ආරක්ෂක ලේකම් තුමාත් ජෙනරාල් සරත්ෆොන්සේකා මහත්මයත් අප බේරාගත්තා ..ඔබ පිළිගන්නවද 
මර්වින් -පිස්සු කෙලින්නෙපා මෙතන රන්ජන්

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter