Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Udayanthiඋදයන්ති විවාහය ගැන කතා කරයි
ලබන අවුරුද්දෙ විවාහ වෙනවා
මට මනමාලයෙක් ගෙදරින් හොයනවා
මම හොයාගත්තු අය මට ගැළපුනේ නෑ


ජනප‍්‍රිය නිළියක් වන උදයන්ති කුලතුංග තමාගේ විවාහය පිළිබඳව හෙළිදරව් කට තිබේ’ ලබන වසරේදී ඇය විවාහ දිවියට ඇතුළත් වීමට සිතාගෙන සිටින බව ඇය පවසයි’
මම ලබන අවුරුද්දේ විවාහ වෙනවා’ ඒත් තවම විවාහ වෙන්න කෙනෙක් නෑ’ ඒත් මම ගෙදර අයට කියලා තියෙන්නේ මට ගැළපෙන කෙනෙක් හොයන්න කියලා’ මම හොයාගත්තු අය මට ගැළපුනේ නෑ’ ඒ නිසා මම හිතුවා ගෙදර අයගේ කැමැත්තට ඉඩ දෙන්න’ ඒ අය කියලා තියෙන්නේ මට ලබන අවුරුද්දේ විවාහ වෙන්න කෙනෙක් හොයලාදෙනවා කියලා’
මේ දිනවල ටෙලිනාට්‍ය නිළියන් සම්බන්ධයෙන් පැතිර යන කතා පිළිබඳව ඇය දක්වන්නේ මෙවන් අදහසකි’
මේ දවස්වල පුවත්පත්වල ප‍්‍රධාන මාතෘකාවක් තමයි ගණිකා
වෘත්තියේ යෙදෙන මෙගා ටෙලිනාට්‍ය නිළියන්’ පුවත්පත්වල මේ විස්තර පළවෙද්දී ඒ නිළියන්ගේ නම් කියැවෙන්නේ නැහැ’ ඒ නිසා මිනිස්සු හැම නිළියක් දිහාම බලන්නේ නරක විදියට’ මම කියන්නේ ඒ වගේ දේවල් කරන අය නිතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න  ඕන’ ඒත් සමාජයට වැරදි අදහසක් යන විදියට ඒ දේවල් කරන්න හොඳ නෑ’

  අපි නොදැනුවත්වම අපිත් එක්ක ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලා තියෙනවා පොඩි පොඩි චරිතවලට’ ඒක ඉස්සරහට දාලා තමයි ඒ අය ඔය වෘත්තියේ යෙදිලා තියෙන්නේ’ මේ වගේ අය ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙන්නේ නළු නිළියන් තෝරා ගනිද්දි හරියට ඉන්ටවීව් තියලා ඒ වැඬේ නොකරන නිසා’ අද බොහෝ නාට්‍යවල කෙරෙන්නේ කොහෙන් හරි කාවහරි හොයාගෙන  ඕන කරන දර්ශනය ෂූට් කරන එක’ ඒ වගේ අඩුපාඩු ඔය වගේ අය ඒගොල්ලන්ගේ වාසියට හරවා ගන්නවා’
මෙගා නාට්‍ය කිහිපයකම රඟ පෑ උදයන්ති පවසන්නේ මෙගා නාට්‍යවලට ඇගේ කැමැත්තක් නොමැති බවයි’
මෙගා නාට්‍යවලට මගේ කැමැත්තක් නෑ’ මොකද ටෙලිනාට්‍ය පටන් ගනිද්දී කොටස් 100යි කියන අය පස්සේ හිතුණු හිතුණු විදියට අලූත් කොටස් දාලා නාට්‍ය දීර්ඝ කරනවා’ ඒකෙන් වෙන්නෙ අපි රැුවටෙන එක විතරයි’ අපේ චරිතය වුණත් හරියට කරගන්න බැරුව යනවා’ මේ දේවල් නිසා ආයිත් මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ’
ලංකාවේ නිළියකට රංඟන ක්ෂේත‍්‍රයෙන් හොඳ ආදායමක් ලැබෙන බවයි ඇය පවන්නේ’
ලංකාවේ හැටියට අපට හොඳ ආදායමක් ලැබෙනවා’ සාමාන්‍ය රැුකියාවක් කරනවාට වඩා දෙතුන් ගුණයක් නිළියක් විදියට රඟපෑම්වලින් හොයන්න පුළුවන්’ ඒ නිසා මම රංඟනයෙන් වගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනය පැත්තට යොමුවෙන්නත් හිතාගෙන ඉන්නවා’Udayanthi Kulathunga

උදයන්ති ලබන වසරේදී විවාහ වන බව පැවසුවත් ඇය මීට පෙර පුවත්පතකට අදහස් පළකරමින් පවසා සිටියේ සමහරවිට තමා විවාහ දිවියට ඇතුළත් වන එකක් නැති බවයි’
       විවාහ වෙන්න කලින් මොනවා කිව්වත් නිළියක් විවාහ කරගන්නා සැමියන් කැමති නැහැ තමන්ගේ බිරිඳ රඟපානවට’ ඒවගේම හැම සැමියෙක්ම බිරිඳගෙන් තමන්ගේ කටයුතු ගේ දොර කටයුතු බලාපොරොත්තු වෙනවා’ ඒ යුතුකම ඉටුකරන්න බැරිනම් බාරගන්න  ඕන නැහැ’ මට ඒ යුතුකම ඉටුකරන්න බැරිවේවි’ ඒ හින්දා මම කවදාවත් විවාහ වෙන එකක් නැතිවේවි කියලා මට දැන් හිතෙනවා’
ඇය ආදරය පිළිබඳවද පවසා තිබුණේ මෙවන් කතාවකි’
               මම ආදරයෙන් පරාජය වුණේ නැහැ’ හැබැයි නොගැළපීම් වැඩිවුණාම මමම ඈත් වුණ අවස්ථා තියෙනවා’ ආදරය අතිශය සුන්දර දෙයක් විදියට පේන්නේ බොළඳ ආදරය තුළ’ ඒක තියෙන්නේ අවුරුදු 20-23 කාලෙදී’ අද මම අවුරුදු 23 පසුකරලානේ’ අද මම ආදරය දිහා බලන්නේ ඊට වඩා ගැඹුරු විදියට’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter