ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියෙහි හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ නැගණිය වන ෆේස්බුක් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂිකා වශයෙන් කටයුතු කල රැන්ඩි සකර්බර්ග් ෆේස්බුක් සමාගමෙන් ඉවත් වී තිබෙනවා.
ඇය ඉවත් වී තිබෙන්නේ ෆේස්බුක් අභිබවා යන සමාජ ජාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අරමුණෙන්.
ඇයට මෙම අදහස පහල වී ඇත්තේ ඇය ෆේස්බුක් වෙතින් මාස තුනක මාතෘ නිවාඩුවක් ලබාගෙන සිටින අතරතුරයි.
රැන්ඩිගේ අදහස වන්නේ අන්තර්ජාලය තුල සියලු දෙනාම තමාගේ සැබෑ නාමය හා තොරතුරු භාවිතා කරන්නේනම් අන්තර්ජාලය මෙයට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවයි.
ඇයගේ ඉවත්වීම ෆේස්බුක් වෙතින් තහවුරු කර ඇති අතර ඇයගේ සොහොයුරා වන මාර්ක් විසින් මේ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නැහැ.
ඇයගේ නව සමාගම RtoZ Media ලෙස නම් කොට ඇති අතර එමගින් විවිධ වෙළඳ සමාගම් සමාජගත කිරීමේ කටයුතු වලදීමට නියමිතයි.
Post a Comment
Your comment will be visible after approval