Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

school_coupleකොළඹ අවට ප්‍රදේශ වල පාසැල් සිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලු නිවෙස් සැපයීමේ ජාවාරමක් මෙහෙයවන  පුද්ගලයින් හතර දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙකු  අනාවරණය කළේය. මේ අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඇතැයි වාර්තා වේ.
මහරගම ප්‍රදේශයේ පාසැලක පෙම්වතුන් ‍ජෝඩු 2ක්  සමඟ පිළියන්දල දී මධුවිතින් සප්පායම් වෙමින් සිටිය දී මෙම සැකකරුවන් හතර දෙනා පොලිසියේ  ග්‍රහණයට පත් වී ඇත.

අදාළ සැකකරුවන් විසින් සැපයූ නිවෙසේ දී ඔවුන් විසින් තමන්ට සැපයූ තාවකාලික ඇඳුම් හැඳ ගෙන පාසල් නිල ඇඳුම් පාසැල් බෑගයට දමා ගත් බව ප්‍රශ්න කිරීමේ දී පාසැල් ශිෂ්‍යාවන් විසින් අනාවරණය කර තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් සහ පුරුෂයන් අඹු සැමියන් නොවන නමුත් ලිංගික ජාවාරම් හා මෙවැනි කූට ජාවාරම් පිළිබඳව අනන්‍යොන්‍ය වශයෙන් හොඳින් දන්නා පුද්ගලයින් බව තහවුරු වී ඇතැයි අදාළ පොලිස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.

පරීක්ෂණ වලින් තහවුරු වී ඇති ආකාරය අනුව අදාළ ශිෂ්‍යන් විසින් තමන්ට  පාලු නිවෙස සැපයීම වෙනුවෙන් පැය 03 කට රුපියල් 2000 ක මුදලක් ගෙවා ඔවුන්ට මත්පැන් ද මිල දී ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය විසින් සැකකරුවන් පිරිසෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීම් අරඹා ඇති අතර පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පොලිසියට කැඳවා තිබේ.
සිසු සිසුවියන් හතර දෙනා වයස 14 ත් 18 අතර පසු වූ බවට පොලිසිය සඳහන් කරයිග මේ අතර පුද්ගලික පන්ති පැවැත්වෙන ස්ථාන වලට පැමිණෙන ජවාරම්කරුවන් විසින් පාසැල් පෙම්වතුන්ට පෙම් කිරීම සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා හුදකලා ස්ථාන සැපයීම සහ පාලු නිවෙස් සැපයීම සඳහා පාසැල් සිසුන්ව පොළඹවන බව ද පොලිසිය විසින් අනාවරණ කර ගෙන තිබේ

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter