මානුෂීය මෙහෙයුමේ සැබෑ විශ්ලේෂණය
මානුෂීය මෙහෙයුම් පැවති සමයේ ලංකාව තුළ යුද අපරාධ සිදු වූ බවට කරුණු දක්වමින්, ලාංකීය හමුදාව අපකීර්තියට පත් කිරීම සඳහා චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද වාර්තාමය චිත‍්‍රපටයට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා රජය විසින් නිල වීඩියෝ පටයක් අද එළිදක්වා තිබේ.
මානුෂීය මෙහෙයුම් පැවති සමයේ යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව
ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල අත්දැකීම් අලලා මෙම වාර්තාව සකස් කර ඇති අතර මෙම වාර්තාව හා වීඩියෝ පටයේ පිටපත් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාලවලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත මෙම වාර්තාව සකස් කර තිබේ. අද දිනයේ කොළඹ හිල්ටන් හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය එළිදක්වා තිබේ.
Post a Comment
Your comment will be visible after approval