අලව්ව දුම්රිය අනතුර
අලාභය මිලියන 75ක්
තිදෙනෙකුට මරු කැඳවා තවත් මඟීන් තිහකට පමණ තුවාල සිදු කරමින් අලව්ව දුම්රිය ස්ථානයේ පෙරේදා (17වනදා* සිදු වූ දුම්රිය අනතුරට හේතුව පාලක මැදිරිය හා සංඥා පද්ධතියේ දුර්වලතාවයක්ද යන්න සොයා බැලීමට මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ’
කොළඹ සිට පොල්ගහවෙල දක්වා වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක් මහනුවර බලා
ධාවනය වූ නගරාන්තර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරියේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ’ මෙම අනතුරින් නැරඹුම් මැදිරියේ සිටි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ප‍්‍රංශ ජාතිකයෙකු හා පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ රියදුරා හා රියදුරු සහායකද මියගොස් තිබේ’ මියන්මාර් භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු දුම්රිය මඟීන් 30 ක් පමණ තුවාල ලබා තිබේ’
මෙම අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ අලාභය රුපියල් මිලියන 75ක් පමණ වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි’
Post a Comment
Your comment will be visible after approval