දකුණු පළාතේ ගුවන් විදුලි සේවා ආයතනයක් තුළ දී සිදුවී ඇතැයි පැවසෙන අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු දින 14ක කාලයට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අප කළ විමසීමකදී ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ඒ බව තහවුරු කළේය.
අපයෝජනයට ලක්වී ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දැරියක බව ඔහු පැවසීය.
අදාළ ගුවන් විදුලි සේවය මගින් විකාශය කරන ළමා වැඩසටහනකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවකදී දැරිය මෙම සිද්ධියට මුහුණපා ඇතැයි, එම සේවාවේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඔහු සඳහන් කළේ, සැකකරු අදාළ වැඩසටනේ නිෂ්පාදන සහායකවරයෙකු බවයි.
සිද්ධියෙන් අනතුරව අදාළ දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බව උසස් පොලිස් නිලධාරිවරයා සඳහන් කළේය.
Post a Comment
Your comment will be visible after approval