ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ
අලූත්ම පුහුණුකරු
ජෙෆ් මාර්ෂ්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඔස්ටේ‍්‍රලියානු පිළේ හිටපු පිතිකරුවකු වන ජෙෆ් මාර්ෂ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පත් කර තිබෙන බව වාර්තා වේ’
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඉදිරිපත් කළ ඉල්ලූම්පත් සලකා බැලීමෙන් පසු කළ සම්මුඛ පරීක්ෂණවලින් ජෙෆ් මාර්ෂ්ව තෝරාගෙන තිබේ’ එකල ඔස්ටේ‍්‍රලියානු පිළේ ආරම්භක පිතිකරුවකු වූ” දැනට 52 හැවිරිදි ජෙෆ් මාර්ෂ් ටෙස්ට් තරඟ 50කට හා එක්දින තරඟ 115ට වැඩි ප‍්‍රමාණයකට සහභාගී වී ඇති ඔහු
1995-1999 දක්වා ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර ඇත’ 1999 දී ඔස්ටේ‍්‍රලියාව ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේදීත් ජෙෆ් මාර්ෂ් පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ’ මීට අමතරව මාර්ෂ් 2000-2004 කාලයේදී සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ’
වසර දෙකක කොන්ත‍්‍රාත් පදනමක් යටතේ ජෙෆ් මාර්ෂ්ව ශ‍්‍රී ලංකා පුහුණුකරු ධූරයට පත් කර තිබෙන අතර මේ මාසයේ 27 වැනිදා සිට ඔහු නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය’
කෙසේ වෙතත් දැනට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සාමාජිකයෙක් වන ෂෝන් මාර්ෂ්” ජෙෆ් මාර්ෂ්ගේ සිය පුත‍්‍රයා වීම විශේෂත්වයකි’
Post a Comment
Your comment will be visible after approval