අකලංක හොඳ පෙම්වතෙක් වුණා
හොඳ කෙනෙක් මුණ ගැසුනොත් ආදරය කරනවා
උපේක්ෂා
උපේක්ෂා හොඳ පෙම්වතියක් වුණා
මම ලබන වසරේ විවාහ වෙනවා
අකලංක
උපේක්ෂා නැවතත් පෙම්වතියක් වී තිබෙන බව ආරංචි වෙනවා’ ඒ ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත‍්‍රපටය තුළිනි’ උපේක්ෂාගේ පෙම්වතා ලෙස චරිත මවන්නේ අකලංක ගනේගමයි’ චිත‍්‍රපටය තුළ අකලංක තමන්ට හොඳ පෙම්වතෙක් වූ බවයි උපේක්ෂා පවසා සිතන්නේ’
අකලංක පෞද්ගලිකව ගත්තොත් හොඳ විනයක් තියෙන වැදගත් පවුලක කෙනෙක්’ ඒ සාධක ප‍්‍රමාණවත් වුණා මට
අකලංක එක්ක රංඟනයේ යෙදෙන්න’ රංඟනයේදී සීමාවන් ඉක්මවා යන රංඟන ශිල්පීන් එක්ක මට නිර්මාණකරණයේ යෙදෙන්න අපහසුයි’ නමුත් අකලංකට තිබුණ විනය වගේම උදව්ව රංඟන භුමිකාව සාර්ථක කරගන්න මට උපකාරී වුණා’
උපේක්ෂා එලෙස පවසන විට අකලංකටද උපේක්ෂාව චිත‍්‍රපටය තුළදී හොඳ පෙම්වතියක් වූ බවයි ආරංචි වන්නේ’
ඇත්තටම උපේක්ෂා හොඳ පෙම්වතියක් වුණා’ එයත් එක්ක රඟපානකොට හරිම සැහැල්ලූවෙන් රඟපෑවේ’ සමහර දර්ශනතලවල මම රඟපානවද කියන එකත් මට අමතක වුණා’ උපේක්ෂාගේ සහයෝගය තිබුණ නිසා තමයි මට චරිතය ග‍්‍රහණය කරගන්න පුළුවන් වුණේ’
තිරයේදී පෙම්වතුන් වුණ උපේක්ෂා හා අකලංක සැබෑ ජීවිතේදිත් පෙම්වතුන් යැයි පැතිර යන කටකතා පිළිබඳව අකලංක දක්වන්නේ මෙවන් අදහසකි’
සාමාන්‍යයෙන් ඔයවගේ කටකතා පැතිරෙනවා’ එහෙම කටකතාවක් හැදෙයි කියලා මමයි උපේක්ෂායි දැනගෙන හිටියා’ නමුත් ඒවා ඕපා¥ප කතා විතරයි’ කිසිම ඇත්තක් නෑ’ චිත‍්‍රපටයේ රූගත කිරීම්වලදි මට හොඳ යෙහෙළියක් මුණ ගැසුනා’ එදා ඉදලා අපි හොඳ යාලූවෝ’ එතැනින් එහාට කිසිම පෞද්ගලික සම්බන්ධයක් නැහැ’ මට පෙම්වතියක් ඉන්නවා’ මමත් ආදරය විඳිනවා’ එයා ගැන දැන්ම වැඩි විස්තර කියන්න කැමැති නැහැ’ ලබන වසරේ මැද භාගයේදී ඇය සමඟ අතිනත ගන්නවා’
උපේක්ෂානම් පවසන්නේ ලඟදීම ඇයට දික්කසාදය ලැබෙන බවයි’ එසේම ඇයට හොඳ කෙනෙක් මුණු ගැසුනොත් ආදරය කරන බවත් පවසා සිටියා’ නමුත් සැකයක් තියෙන කෙනෙක්ව ඇයගේ ජීවිතයට ලං කර ගන්නේ නැහැ කියලා උපේක්ෂා කියනවා
Post a Comment
Your comment will be visible after approval