Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කමල් කලාවෙන් ටියුෂන් කලාවට


kamal addararachchiප‍්‍රවීණ නළු කමල් අද්දරආරච්චි දැන් ඉංග‍්‍රීසි ඉගැන්වීමට යොමු වී ඇති බව දැනගන්නට ලැබෙනවා’ ගම්පහ පැත්තෙ පෝස්ටර් එහෙමත් ගහලා තියෙන බවයි වාර්තා වන්නේ’ මේ පිළිබඳව කමල් දක්වන්නේ මෙවැනි අදහසක්’
ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි ඉංග‍්‍රීසි උගන්වන්නේ කියලා
මම ඉංග‍්‍රිසි උගන්වන්න සූදානම් වෙනවා කිව්වම බොහෝ දෙනෙක් මගෙන් අහන්න ගත්තා ඇයි ඉංග‍්‍රිසි උගන්වන්නේ’ ඔයාට පුළුවන්නේ රංගනය පිළිබඳ උගන්වන්න’ ඔයා අවුරුදු ගණනාවක් මේ ක්‍ෂේත‍්‍රයේ අත්දැකිම් සහ පළපුරුද්ද ඇති නළුවෙක්නේ කියලා’

අද හැදෙන්නේ අරුත් සුන් ටෙලිනාට්‍ය
මම රඟපාන්න ඉගැන්නුවම මගෙන් ඉගෙන ගන්න අයට ඒ සඳහා අවස්ථාවක් තිබෙන්න  ඕන’ අද කාලේ හැදෙන්නේ අරුත් සුන් ටෙලිනාට්‍ය’ එහෙම නැත්නම් මෙගා නිර්මාණ’ ඉතින් මගෙන් ඉගෙනගන්න අයටත් අන්තිමේ යන්න වෙන්නේ මේ නිර්මාණවලට’ එතකොට මට හිතෙනවා මේ හරසුන් නිර්මාණ බිහිකිරීමට අනියම් ආකාරයකින් මමත් දායකවීමක් සිදුවෙනවා කියලා’ ඒ නිසා මම මොකටද ඒක කරන්නේ’
කොළඹ පන්ති කරන්න බලාපොරොත්තුවක් නෑ
මීට කලින් මම විවිධ ස්ථානවල දිරිගැන්වීමේ වැඩමුළු පැවැත්වූවා’ ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ මේ වැඩමුළු ඉතාම ජනප‍්‍රිය වුණා’ ඒ අත්දැකීම් එක්ක මට හිතුණ ගම් පළාත්වල දරුවන්ට ඉංග‍්‍රිසි උගන්වන්න’ මට  ඕන ඒ අයට කොළඹ අවට දරුවන්ට වගේම මේ අවස්ථාව හිමිකර දෙන්න’ දැනට මගේ පන්ති පැවැත්වෙන්නේ ගම්පහ විතරයි’ කොහොමත් කොළඹ පන්ති කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter