ගෝනවල ප්‍රදේශයේ ආරාමයක දස සිල් මාතාවකට ලිංගික අතවර කළ බව කියන සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කැලණිය පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝනවල ප්‍රදේශයේ ආරාමයක වාසය කරන පැමිණිලිකාර දස සිල් මාතාව හමුවීමට පැමිණ ඇති මෙම සැකකරු නඩුවකට අදාළ දඩයක් ගෙවීම සඳහා මුදල් ඉල්ලා ඇති බවයි.
අනතුරුව සිල් මාතාව මුදල් ලබා දීම සඳහා නිදන කුටියට ගිය අවස්ථාවේ සැකකරු සිල්මාතාවට ලිංගික අතවරයක් කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීම නියෝග කළාය.
Post a Comment
Your comment will be visible after approval