බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට වැඩි දියුණු කල අංග සහිතව Iphone 4S සංස්කරණය නිකුත්කොට තිබෙනවා.
මෙය මෙම මස 14 වනදා සිට වෙළඳපලට නිකුත්කිරීමට සුදානම්කොට තිබෙනවා.Iphone 4 සංස්කරණයේ පෙනුමම මෙම නව සංස්කරණයටත් නැති අතර එය 16GB, 32GB හා 64GB යන මාදිලි වලින් කළු හා සුදු වර්ණ වලින් ලබාගත හැකිය.
මේ අතර ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා මියගොස් තිබෙනවා
නව සංස්කරණයේ ඇති විශේෂාංග පහතින්
මෙයට පෙර තිබු දුරකථන වල කටහඬ හදුනාගැනීමේ පහසුකම තිබුනත් ඒ අනුව තීරණ ගැනීමේ හැකියාව තිබුනේ නැහැ.නමුත් නව සංස්කරණය මගින් හදුන්වා දෙන “සිරි” මෘදුකාංගය මගින් ලබාදෙන වාචික උපදෙස් මත සංකීර්ණ තීරණ ගැනීමට පවා මෙම දුරකතනයට පුළුවන්.
ඩුවල් කෝ A5 ප්‍රොසෙසරය මෙතෙක් හදුන්වා දුන් වේගවත්ම ඇපල් ප්රෝසේසරයි.එමගින් වීඩියෝ ක්‍රීඩා කිරීමට වැඩි පහසුකමක් සලසා තිබෙනවා.
මෙගා පික්සල් 8 ක කැමරාවක් ඇති මෙම දුරකථනය මගින් 1080p HD ගුණත්වයෙන් යුතු වීඩියෝ ගැනීමට පුළුවන්
අවශ්‍ය සියලුම මෘදුකාංග එකතුකොට අයි ක්ලවුඩ් නිර්මාණයකොට ඇත
වැඩි වේගයකින් යුතුව අන්තර්ජාලයේ සැරිසැරීමට හැකියාව (UPTO 14.4 MBPS)
Post a Comment
Your comment will be visible after approval