දරුවන් විසිතුන්දෙනකුගේ පියකු බව කියන හැත්තෑ නව හැවිරිදි පුද්ගලයකුට අයිතිවාසිකම් කියූ කාන්තාවන් දෙදෙනකු අතරින් හැත්තෑ හැවිරිදි බිරිය ප්‍රතික්ෂේප කර අලුත් විවාහ කර ගත් හතළිස් නව හැවිරිදි බිරිය සමඟ පවුල් කන බව පවසා ඇය සමග පොලිසියෙන් පිටව ගිය පුද්ගලයකු ගැන පුවතක් කඩුගන්නාව පොලිසියෙන් වාර්තා වෙයි.
දැනට දෙසතියකට පමණ ඉහතදී අදාළ පුද්ගලයා මෙම 49 හැවිරිදි කත විවාහ කරගෙන ඇති අතර, ඒ පිළිබඳව හැත්තෑ හැවිරිදි බිරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පුද්ගලයා පැමිණිල්ල කළ කාන්තාවගේ සහෝදරියක සමග විවාහ වී සිටියදී ඇය මිය යාම නිසා පසුව මැය විවාහ කරගෙන ඇත. ඇය සමග පවුල් කන අතරතුර තවත් කාන්තාවක් කිහිප දෙනෙකු සමගම මොහු සබඳතා පවත්වා ඇත.
“අනංගයා” ලෙසින් ප්‍රසිද්ධ මෙම පුද්ගලයා දැනට මාස කිහිපයකට පෙර තම පෙම්වතිය බව පවසා 32 හැවිරිදි තරුණියක් නිවෙසට කැඳවාගෙන ඒම ගැන උරණවූ දරුවන් එයට බලවත් විරෝධය පෑමෙන් පසු ඇය යළි නිවසට ඇරලවා තිබේ.
මෙම පුද්ගලයාගේ ඇසුර ලද කාන්තාවන් ඔහු බෙදාගන්නට රණ්ඩු සරුවල් වුණත් ඔහුට දාව එම කාන්තාවයන් බිහි කළ දරුවන් සමගියෙන් කල් ගෙවන බව පොලිසිය පවසයි.
dinamina
Post a Comment
Your comment will be visible after approval