Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

1121120610wedanalawa-Tශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය ඉවත් කිරීම මගින් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ අවස්ථාව ගිලිහී යන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
අදාළ පාලකයින්ට එරෙහිව බොහෝ කලක පටන් දූෂණ චෝදනා පවතින බව එම සංගමයේ ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වාදෙයි.
හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහා පරිමාණ වශයෙන් මුදල් අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ලවී තිබුණු බවත්,ඒ නිසා ඒ අයට එරෙහිව විනායානුකූලව හා නීත්‍යනුකූලව කටයුතු කිරීම පසෙක ලා පාලන අධිකාරිය ඉවත් කිරීමෙන් පමණක් ගැටලුවට පිළියමක් නොවන බව ඔහු අවධාරණය කළේය.
ඔවුනට එරෙහිව එවැනි ක්‍රියා මාර්ගයක් නොගෙන පාලනාධිකාරියෙන් ඉවත් කිරීම මගින් සිදුවන්නේ”හොරුන් ආරක්ෂා කිරීමක්”බවටත් ඔහු චෝදනා කළේය.
එසේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා එළිදැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේ වුවද  සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ ජයවර්ධනපුර රෝහලේ කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.
මේ අතර ඉදිරි මාස 03 ක කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
දිගු කාලයක පටන් එම පාලන අධිකාරියට එරෙහිව පැවති චෝදනා හේතුවෙන් එහි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවට සහභාගී වෙමිනි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter