Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew_sb-මෙම වසරේ සරසවි ප්‍රව්ශයට සුදුසුකම් ලැබූ සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මුලින් ලැප්ටොප් ලබාදෙන්නේ නොමිලේයැයි රාවයක් පැතිරගිය අතර පසුව හෙළි වුයේ ලැප්ටොප් ගෙවීමේ පදනම මත හා රැකියාවකට යොමු වීමෙන් පසුව ගෙවීමේ එකඟතාව මත මෙම ලැප්ටොප් ලබා දෙන බවයි.

ඒ අනුව මෙයට පෙර විසින් අප පල කල ලිපියක් මගින් හෙළිකළේ HP Pavilion G6 ලැප්ටොප් පරිගණකය රුපියල් 71490 කටත් Core 2 Duo ලැප්ටොප් පරිගණකය 59490 කටත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

බැංකු කිහිපයක් මෙම ලැප්ටොප් ලබාදීමට 12% ණය මුදලක් ලබාදීමට කැමැත්ත පළකර ඇති අතර ඒ ලබා දෙන්නේ සහන මිලටදැයි සාධාරණ සැකයක් මතුවේ.

මන්ද ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් ලබාගන්න විට සරසවි සිසුන් බලාපොරොත්තු වූ කිසිදු සහනයක් ඔවුන් වෙත ලබා දී නැති හෙයිනි.

HP Pavilion G6 ලැප්ටොප් පරිගණකය USB මොඩමයක් සමග මිල 75000 කි.
75000 ක ණය මුදල ලබාදෙන්නේ 12% පොලිය සමගය.

ඒ අනුව 12% පොලියට ලැප්ටොප් පරිගණකය මිල්දිගන්නනම් එය අවරුදු දෙකක් තුල ගෙවා නිමකළ යුතුවේ. 
ඒ අනුව 
75000*12%= 9000
75000+9000 = 84000
84000/24 = 3500

ඒ අනුව පොලිය ඇතුළුව වාරිකය 3500 ක් බැගින් අවරුදු දෙකක් ගෙවිය යුතු වේ.

එසේ නොමැතිව විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් රැකියාවක් කරන අතරතුර ගෙවීමට නම් අවරුදු 4.5 තුල එම ණය මුදල ගෙවිය යුතුවේ.

එවිට එම අවරුදු 4.5 තුල එම ලබාදෙන සහනකාලය සඳහා පොලියක් ලෙස මසකට රුපියල් 764 ක් ගෙවිය යුතුය.
එවිට 764*12*4.5 = 41256/= මුදලක් පොලීය හා සහනකාලයට හිලව් වශයෙන් ගෙවිය යුතුය. ඉන් පසුව රුපියල් 75000 ණය මුදල ගෙවිම ආරම්භ කල යුතුය. 
ඒ ආකාරයට ගන්න විට HP Pavilion G6 ලැප්ටොප් පරිගණකයේ මුළු වටිනා කම 116256/= ක් වේ.

එස්.බී අමාත්‍යවරයා සෑම සරසවි සිසුවෙකුටම ලැප්ටොප් ලබාදෙනවා යයි කීමත් සමග බොහෝ දෙනෙක් එම ලැප්ටොප් බලාපොරොත්තුවෙන් කල්ගතකල අතර දැන් ඒ බලාපොරොත්තු පුස්සක් බවට පත්වී ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter