Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පළාත් සභා ඇමතිගේ නිවස සෝදිසි කිරීම
විශේෂ කාර්ය බළකාය ප‍්‍රතික්ෂේප කරයි

Minister Nimal Lanzaමීගමුව දළුපොත ප‍්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් සංචාරක” ප‍්‍රවාහන” මහාමාර්ග ඇමති නිමල් ලාන්සාගේ නිවස හා එම ප‍්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ
පිරිසක් විසින් සෝදිසියට ලක් කළ පුවතක් වාර්තා විය’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙසේ සෝදිසියට ලක් කර ඇත්තේ තහනම් ගිනි අවි” නීති විරෝධී වාහන හා තහනම් භාණ්ඩ ඇති බව පවසමින් බවද වාර්තා වේ’

මේ සම්බන්ධව ඇමති නිමල් ලාන්සා පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ තමන් ගොඩ නගා ගත් කීර්තිනාමය හා ප‍්‍රතිරූපය මේ මඟින් විනාශ වූ බවයි’ අධිකරණ නියෝගයක් පවා නොමැතිව මෙසේ රජයේ වගකිවයුතු ඇමතිවරයකුගේ නිවසක් පරීක්ෂා කිරීම බරපතළ වරදක් බවද පවසා සිටී’
  මෙම සිද්ධිය ආරංචි වූ පසු නිමල් ලාන්සා මහතාගේ නිවසට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ගොස් ඇති අතර එතුමා පවසා ඇත්තේ අධිකරණ නියෝගයක්වත් නොමැතිව මෙසේ සෝදිසි කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා තිබේ’
   නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ පළාත් සභා ඇමති නිමල් ලාන්සාගේ නිවස සෝදිසියට ලක් නොකළ බවයි’ ඇමතිවරයාගේ නිවසට ගොස් ඇතත් පරීක්ෂා නොකළ බවත් ඇමතිවරයා සමඟ කතාබහ කර ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පවසා සිටී’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter