Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

lakshman_hulugalleපාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට සැකකාරයෙකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි. බීබීසී සන්දේශය සිංහල වැඩසටහනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතැබීමට කල ප‍්‍රකාශය සම්බන්ධායන් අදහස් දක්වන හුළුගල්ලේ මහතා පවසන්නේ ‘දුමින්ද සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්. ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ. ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා. ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ.’ යනුවෙනි.

මේ වන විට අත්අඩංගුවේ සිටින්නන් ගැන හුළුගල්ලේ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
‘මේ අය පාතාලේ අය. ඉන්දියාවෙදිත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලාගත්තා. පරීක්ෂණ අනුව පෙනී ගොස් තියනවා ඒ දෙන්නා ඉන්දියාවෙ යන්න වීසා අරන් තියෙන්නේ මේ ඝාතනයටත් පෙර සිට බව. ඒ කියන්නේ මේක කල් ඇතිව සැලසුම්සහගතව කරපු එකක්’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter