පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 2010 වසරේ සැප්තැම්බර් මස ජනාධිපතිවරයා සහ 30 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් එක්සත් ජාතින්ගේ සමුළුව සඳහා නිව්යෝක් නුවරට යෑම සඳහා කොපමණ මුදලක් වැය කර ඇතිදැයි විමසූ අවස්ථාවේදී ජි.එල් පිරිස් මහතා එයට උත්තර ලබා දුන්නේය.
එම ප්‍රශ්නය විමසු අවස්ථාවේ සභාවේ සිටි ආණ්ඩුවේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශකළ කරුණු කාරණා නිසා දයාසිරි ජයසේකර සහ රෝසි සේනානායක අතර මත ගැටුමක් ඇතිවී ඇත.
එහිදී රෝසි සේනානායක විසින් දයාසිරි ජයසේකර වෙත “අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතිව ඉන්න තමන්ගේ කුණු එලියට එයි” යනුවෙන් ප්‍රකාශකොට ඇත.
ඉන් කෝපයට පත් මන්ත්‍රීවරයා විසින් රෝසි සේනානායක වෙත චෝදනා කර ඇත්තේ ඇය ආණ්ඩුවට සහයෝගය දෙන බවකි.
ඉන් පසු දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් පටන්ගෙන ඇති අතර අවසානයේ රෝසි ප්‍රකාශකොට ඇත්තේ තමන් විසින් ඉදිරියේදී සියල්ල හෙළි කරන බවකි
Post a Comment
Your comment will be visible after approval