2005 YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් හෙට (09) දිනයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාසා ආයතනය පවසනවා.
පොළවේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් 221,456ක් වන අතර මෙය ගමන් කරන්නේ 201,000ක් වන චන්ද්‍රයා හා පොළව අතර දුරටත් වඩා අඩු දුරකින්.
ටොන් මිලියන 55ක පමණ බරකින් හා ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින් යුතු මෙම ග්‍රහකය පියවි ඇසට නොපෙනෙන අතර අඟල් 6ක වත් විශ්කම්භයක් සහිත දූරේක්ෂයකින් නැරඹීමට පුළුවන්.
යම් හෙයකින් මෙය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට හා සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමට සමත් බවත්, එය මුහුදට වැටුනහොත් අඩි 70ක් උස ජල කඳක් ඉහල නැඟෙනු ඇති බවත් පැවසෙනවා.
මීට පෙර මෙවැනි විශාල ග්‍රහකයක් පෘතුවිය පසුකරමින් ගමන්කර ඇත්තේ මීට වසර 35කට පෙරදී. නමුත් එය පෘතුවිය පසු කර යන තෙක්ම නාසා ආයතනය ඇතුලුව කිසිවෙක් නොදැන සිටි බවත් නාසා ආයතනය පවසනවා.
කෙසේ නමුත් ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ
හෙට (09) අලුයම 4.58ට මෙය දුරේක්ෂයක් ආධාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට බලා ගත හැකිය.
Post a Comment
Your comment will be visible after approval