පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවන් දසදෙනකු අඩනිරුවත් කර නවකවදය ලබා දුන් බව කියන දෙවැනි වසර ශිෂ්‍යාවන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ ශිෂ්‍යාවන් දස දෙනාට පෙරේදා (17) දහවල් මෙලෙස නවකවදය ලබා දී ඇතැයි පැවැසේ. මේ සිද්ධියට අදාළව දෙවැනි වසර තවත් ශිෂ්‍යාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. දෙවන වසර ශිෂ්‍යාවන් තිදෙනාගේ පන්ති තහනම සති තුනක් දක්වා ක්‍රියාත්මක කර ඇත
Post a Comment
Your comment will be visible after approval