Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

budget-2012

2012 අයවැය යෝජනා ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපතිතුමා අය වැය කියවන්න පටන්ගත් විටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට බාධා කළේ අතර “ලැජ්ජයි, ලැජ්ජයි” යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ඔවුන් ප්‍රදර්ශනය කරමින්.

මෙලෙසවූ ජයලත් ජයවර්ධන මංත්‍රීවරයාගේ විරෝධයට ජනාධිපතිතුමා පැවසුවේ “ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ. ඕනෑ නම් දෙන්නම්. ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා වුණත් මැතිවරණයක්‌ දෙන්න පුළුවන්. මට බය ඉන්න කට්‌ටියත් නැතිවේවි කියලා. ජයලත් ජයවර්ධන මහත්තයෝ දෙයියන්ගේ පිහිටයි” යනුවෙන්.

විරෝධතාව උත්සන්න වෙත්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභා ගැබ හරහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිටින පැත්තට ගොස් ඔවුන්ට පහර දෙනු ලැබුවා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි, මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා ඒ අතර ප්‍රධාන වුනා.

ආණ්‌ඩු පක්‍ෂයේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා වෙත දිව ඇවිත් ඔහු අත තිබූ පුවරුව උදුරා ගත්තා. ඉන්පසු රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ද ඉදිරිපස අසුන් වෙත ගොස්‌ ජෝන් අමරතුංගට පහර කිහිපයක්‌ දෙනු ලැබුවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජිත් මද්දුමබණ්‌ඩාර මහතාට පහර දුන් අතර, විජිතමුණි ඇමැතිවරයා විපක්‍ෂය දෙසට පොතකින් දමා ගැසුවා.

පහරදී අවසන් වන අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් “මෙහෙ එන්න… මෙහෙ එන්න…. අපේ අය වාඩි වෙන්න. ආණ්ඩු පක්ෂයේ අය වාඩි වෙන්න” යනුවෙන් පහරදීමට ගිය මංත්‍රීවරුන් වාඩි කිරීමට උත්සාහා ගත්තා.

හරීන් ප්‍රනාන්දු‍, ජයලත් ජයවර්ධන රෝසි සේනානායක, අනෝමා ගමගේ, මංගල සමරවීර, කරූ ජයසූරිය, නිරෝෂන් පෙරේරා, අජිත් පෙරේරා, ඇතුළු තවත් මන්ත්‍රීවරුන් රැසක් එලෙස ප්‍රහාරයට ලක්වු බවයි මන්ත්‍රී ජෝන් අමරතුංග විසින් ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී හෙළි කළේ.
ඒ අතරේදී ජනාධිපතිවරයා සිටි දෙසට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වූ අතර එම බෝතලය ජනාධිපතිවරයා ඉදිරියේ බිම පතිත වූයේ මූඩිය ද ගැලවී එහි තිබූ ජලය විසිරෙමිනි. වීම පිළිබඳව “ගැලරියෙන් වතුර බෝතලයක් ආවලු, ඒක ගැන හොයන්න, පොලිස්කාරයන්ට කියන්න” යනුවෙන් ජනාධිපතිතුමා පැවසුවා.

මෙම පහරදීම පිළිබඳව මර්වින් සිල්වා ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු ගර්භයෙන් පිටත රැස්ව සිටි මාධ්යවේදීන් අමතා තම හපන්කම් ප්‍රකාශ කළේ මෙලෙසින්.

හරියට අර කසාද බැඳම හනිමූන් ට්‍රිප් එක ගිහින් මනමාලි මනමාලයව දාල පරන පෙම්වතත් එක්ක ගියා වැඩක් වුනේ

ඔබතුමාට පහරදීමක් කළාද?
මට? මට ගැහුවා නම් මම උන්ගේ රෙදි ගලවනවා අද එතන.

ඔබතුමා විසින් පහරදීමක් කළාද?
“පහරදීමක් නම් වුනේ නෑ අත යන්තම් පොඩ්ඩක් එහේ මෙහේ යනකොට ඒ විදිහට ඕනේ නම් වදින්න ඇති. හිතලා කළේ නෑ. යකෝ ගැහුවත් ගැහුවා කියනවයැ මේ වෙලාවේ” යනුවෙන් පවසමින් ඉවත්වී ගියා.

වීඩියෝව පහලින්

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter