Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

තමාට එස්.එම්.එස් මනාප එවූ 
තරුණයාට සුරේන්ද්‍රගෙන් ගුටි
 
Pic4සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.

ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ ගැටුමකදී වෙඩි තැබීමට උත්සාහ කිරීමේ ඇතිවූ සිද්ධියක් මතයි.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
සුරේන්ද්‍ර පෙරේරා සහ ඔහුගේ යහළුවන් ඇතුළු පවුලේ උදවිය 12 දෙනෙකු පමණ පසුගියදා සිගිරිය බැලීමට විනෝද චාරිකාවක් ගොස් ඇති අතර රාත්‍රී කාලයේ දඹුල්ලේ හෝටලයක් ඉදිරිපිට වාහනය නවත්වා හෝටල් හිමිකරුගෙන් හෝටලයේ මත්පැන් පානය කිරීමට අවසර ඉල්ලා ඇත.

එම ඉල්ලීම හෝටල් හිමියා විසින් ප්‍රතික්ෂේපකොට ඇති අතර සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස හෝටලයෙන් ආහාර ඇනවුම් කොට වාහනය තුලට වී මත්පැන් පානයකොට ඇත.එහිදී තවත් තරුණයෙක්ද එම හෝටලයට පැමිණ ඇති අතර වාහනයේ සුරේන්ද්‍ර පෙරේරා සිටිනු දැක ඇත.

සුරේන්ද්‍රගේ රසිකයෙකු වූ ඔහු වහා ගොස් සුරේන්ද්‍ර හමු වී තමාද ඔහුට එස්.එම්.එස් මනාප ලබාදුන් බව පවසා අතට අත දී ඇත.එහිදී කෝපයට පත් බීමතින් සිටි සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදී ඇත.
හෝටලයේ ඇති පුටු මේස පිගන් පෙරලා දමමින් සුරේන්ද්‍ර ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදීම සිදුකොට ඇත.මෙම ගැටුම මැඩපැවැත්වීමට දඹුල්ල ප්‍රදේශවාසින් ද මැදිහත්වී ඇති අතර එවිට සුරේන්ද්‍ර හෝටලයෙන් පිටතට පැමිණ තමා සතුව ඇති ගිනි අවියක් ගෙන අහසට වෙඩි තබා ඇත.
මේ සිද්ධියත් සමග ප්‍රදේශවාසින් විසින් මේ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලිකොට කොට ඇත.සිද්ධියේ බරපතලකම වටහාගත් සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස වෑන් රියෙන් පලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
ඊයේ දිනයේදී (22) පැමිණිල්ලට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සුරේන්ද්‍ර පෙරේරාගේ නම පොලිස් පැමිණිල්ලෙන් කිසියම් බලපෑමක් මත ඉවත්වී තිබුන අතර ඔහු සමග සිටි අනෙක් පුද්ගලයින් පමණක් අධිකරණයට ඉදිරිපත්කොට ඇත.
එහිදී පොලීසියෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්නකොට ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරාට ගිනිඅවි ළඟතබාගැනීමට හැකියාවක් තිබුණේ කෙසේද යන්නයි. එහිදී පොලීසියෙන් පවසා ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරා සතුව තිබී ඇති ගිනිඅවිය බලපත්‍රයක් සහිත එකක් බවය.
මහේස්ත්‍රාත්වරයා අනතුරුව පවසා නියෝගකලේ ගායකයින්ට ගිනිඅවි ළඟතබාගැනීමේ හැකියාවක් නොමැති බැවින් ලබන 27 වනදාට පෙර සුරේන්ද්‍ර පෙරේරා එම අවියද සමගින් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසයි.
පහරදීමට ලක්වූ සුරේන්ද්‍රගේ රසිකයා සමන් මධුශාන් සෝමරත්න නම් තරුණයා මේවනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter