Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

some-studentදෙමාපියෝත් තුවාල ලබා රෝහලේ පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උරණ වූ පිරිසක්‌ ඊයේ (02 වැනිදා) උදේ කළ පහරදීමකින් ඇඹිලිපිටිය කැටගල්ආර විදුහලේ සුසිලි සඳමාලි ශිෂ්‍යාව සහ ඇයගේ දෙමව්පියන් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු නවයක සුසිලී සඳමාලි නමැති දැරිය රුපියල් එක්‌දහස්‌ දෙසීයක වසරක මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයා මීට මාස හතරකට පමණ පෙර සිට එම දියණියගේ පාසල් ගමන තහනමකට ලක්‌කොට තිබේ.

දැරියගේ පියා සහ මව එම විදුහල ආසන්නයේ ජීවත්වෙන අතර, එම දෙමව්පියන් කුලී වැඩ කරමින් ඉතා අපහසුවෙන් සඳමාලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙති. මෙම විද්‍යාලයේ මුරකරුවන් වෙනුවෙන් පාසල් දරුවන්ගෙන් මුදල් අය කෙරේ. එහෙත් සඳමාලිගේ දෙමව්පියන්ට අදාළ වූ මුදල ගෙවා ගැනීමට නොහැකි බව එම දෙමව්පියන් විදුහල්පතිවරයාට දැනුම් දී ඇත. විදුහල්පතිවරයා උරණ වී මීට මාස හතරක පමණ කාලයක සිට එම දැරියට පන්ති තහනමකට ලක්‌ කර ඇත.

මොවුන් විසින් මේ ගැන මාධ්‍යයට හෙළි කිරීම නිසා විටින් විට නොයෙකුත් තාඩන පීඩන එල්ලවී ඇති අතර මුහුණ වසාගත් පිරිසක්‌ ඊයේ පැමිණ දෙමාපියන්ට සහ මෙම දැරියට කරන ලද පහරදීමක්‌ නිසා ඔවුන් තිදෙනා තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත. දියණියගේ මව වන ඩබ්ලිව්. රෝහිණී සහ පියා වන ඩබ්ලිව්. ජී. පියසේන ද එම දියණිය ද දැනට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇඹිලිපිටිය මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter