Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට
3764agදකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“පරණ වාහන මේ මාර්ගයට ඇතුළු කිරීම මේ වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. මෙවැනි වාහන වලින් බොහෝ ප්‍රමාණයක් දිනපතා මාර්ගයේදී කාර්මික දෝෂයන්ට ලක් වෙනවා. ඒ වගේම සමහර වාහන බොයිල් කරනවා. අපි ඉල්ලා සිටිනවා. එවැනි වාහන මෙම මාර්ගයේ එනවිට වතුර කෑන් එකකුත් අරගෙන එන්න කියල. මොකද, මාර්ගයේ කිසිම තැනකින් වතුර ලබාගන්න අවස්ථාවක් නැති නිසා. මෙවැනි ආපදාවන්ට ලක්වන වාහන දිනපතා වැඩිවීම නිසා මාර්ගයේ ආපදා සේවාවල වැඩ වැඩිවී තිබෙනවා.“

යනුවෙන් හෙතෙම කීය.
මේ නිසා, තම වාහනය මාර්ගයට ඇතුළු කිරීමට පෙර වාහනයේ රෝදවල හුළං තත්ත්වය හා අළුත්බව, තිරිංග ක්‍රියා කිරීම, ආලෝක සංඥා හා නලාව ක්‍රියා කිරීම, වතුර හා තෙල් නිසි ලෙස යොදා තිබීම ඇතුළු වාහනයේ තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස හෙතෙම රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
“රාත්‍රී කාලයේ ගමන් කරනවා නම් විදුලි පන්දමක්ද වාහනයේ තිබීම වැදගත්. යම් කිසි ප්‍රශ්නයක් වාහනයට සිදුවුණොත් එය ප්‍රයෝජනවත් වෙනවා.“
යනුවෙන්ද බණ්ඩාර මහතා සඳහන් කළේය.
දකුණු අධිවේගී මාර්ගයේ වාහනයකට යම් ආපදාවක් සිදුවුවහොත් 1969 දුරකතන අංකයට කතාකර ආපදා සේවා ගෙන්වා ගැනීමට හැකිය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter