පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු නවක වදයට ලක්වීම හේතුවෙන් ඉතා දරුණු ලෙස රෝගාතුරව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
එම සිසුවාගේ මානසික තත්ත්වය ද එරම් යහපත් මට්ටමක නොමැති බැවින් ඔහු මේවන විට පේරාදෙණිය රෝහලේ මානසික රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගනී.
විශ්ව විද්‍යාලයට මෙවර පිවිසි නවක සිසුවෙකු මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර ඔහු ඉකුත් ඔක්තෝබර් මස 17වනදා ශාස්ත්‍ර පීඨයට ඇතුලත්ව තිබේ. එදින සිට වරරින් වර මෙම සිසුවා ඉතා බරපතල ලෙස සහ අමානුෂික අයුරින් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නවක වදයට ගොදුරුව ඇතැයි වාර්තාවේ.
පේරාදෙණිය රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාල සිසුවා ලිංගික අපයෝජනයන්ට ද ලක්ව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධව පේරාදෙණිය පොලිසිය අදාළ සිසුවාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට උත්සහ කළද ඔහු යහපත් මානසික තත්ත්වයක නොසිටි බැවින් එය අසාර්ථක වී තිබේ.
පේරාදෙණිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලැබේ.
Post a Comment
Your comment will be visible after approval