Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew-cricketපාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ “කතානායක ක්‍රිකට් කුසලාන” තරඟය යනුවෙනි.

මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරඟයේ ජය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන් දැන් දවසේ බොහෝ කාලයක් යොදවන්නේ ටොරින්ටන් පිටියේ පුහුණුවීම් වලට.

මන්ත්‍රී කණ්ඩායමට ශක්තියක් වීමට සනත් හා අර්ජුන  ක්‍රීඩාකරනවා මෙන්ම අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ශක්තියක් ලබාදෙමින් ජනාධිපතිතුමාද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කරන අතර මෙම මස 11 වනදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.මෙම ක්‍රිකට් තරඟය සජීවීව CSN නාලිකාව ඔස්සේ නැරඹිය හැක.මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිතයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter