පැණි වරකා ගහටත් හෙණ ගහනවලූ. ෂාරුක්ගෙයි ප‍්‍රියංකගෙයි හුටපටය ආරංචි වුණාට පස්සෙ ගොඩක් අය එහෙම හිතලා හිත හදාගත්තා. ලැව් ගින්නක් වගේ පැතිරුණු මේ කථාව ගැන මේ වෙනකං දෙන්නගෙන් කවුරුවත් කට හොල්ලලා නෑ. ඒත් මේ කටකථාවට ඉගිලෙන්න අත්තටු නම් දීලා.
ප‍්‍රියංකා චොප්රා ගිය බදාදා රෑ 11 ට කාටත් හොරා ෂාරුක්ගේ කාර්යාලයට රිංගලා. දෙන්නා එතනින් ගිහින් තියෙන්නේ පාන්දර 3 ට.එහෙම කියලා ඉතින් මේ ෂාරුක් ගැනයි ප‍්‍රියංකා ගැනයි වැරදියට හිතන්න ඔබ ඉක්මන් වෙන්න නම් එපා.
මේ පාර තිබුණ සිනේ සම්මාන උළෙල ඉදිරිපත් කරන්න තෝරගෙන තිබුණෙ ෂාරුක්වයි පි‍්‍රයංකවයි. ෂාරුක්ට නම් ඕවා කජු කනවා වගේ. ඒත් මේ ප‍්‍රියංකගෙ පළවෙනි වතාව. ඉතින් හිතේ බය අඩු කරගන්න ඇය ෂාරුක්ගේ ඔෆිස් එකට ගිහින් ප‍්‍රැක්ටිස් කරලා.ඔන්න ඕකයි කථාව. ඒක විශ්වාස කරන නොකරන එක ඔබේ වැඩක්…
Post a Comment
Your comment will be visible after approval