ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්‌දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්‍රස්‌තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්‌හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්‍යන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.
2006 වසරේ 166 ක් මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්‍රහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්‌හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ.
මේ අතර මාලදිවයිනේ ඉස්‌ලාම් පදනමේ සභාපති ඉබ්‍රාහිම් පවුසි ප්‍රකාශයක් කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක් පැවැත්විය යුතු බව දන්වා ඇත.
මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක් අරඹා තිබේ.
Post a Comment
Your comment will be visible after approval