ලැබූ 2012 වසරේදී රජයේ වියදම් පියවා ගැනීමට එක් දවසකදී අවම වශයෙන් රුපියල් කෝටි 315ක් බැගින් ණය ලබා ගැනීමට සිදුවී තිබේ.මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මෙම වසරට ඉදිරිපත්කර තිබෙන අය වැය ලේඛනයේ හිගය රුපියල් කෝටි 115000කි.
මෙට ඇස්තමේනතුව සාමාන්‍යයෙන් මෑත වසරවල ඇස්තමේන්තුව ඉක්මවා රජයේ වියදම් රුපියල් කෝටි 5000 කින් පමණ වැඩි වී ඇත. ඒ අනුව ගනන් කිරීමේදී අවම වශයෙන් දිනකට ලබා ගත යුතු ණය මුදල තවත් රුපියල් කෝටි 10 කින් ඉහල නැග ඇත. එවිට දිනක ණය මුදල රුපියල් කෝටි 325ක් වේ.
මේ වන විටද ගොවි විශ‍්‍රාම වැටුප් ගෙවීම අත්හිටුවා ඇති අතර විශ‍්‍රාමිකයන් 6000ක් පමණ විශ‍්‍රාම පාරිතෝෂික ගෙවීම මාස 4කට වැඩිකාළයක් තුල සිදුකර නැත. එමෙන්ම ජීවන වියදම ඉහල යාම මැනීමට යොදාගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී හාල්, පොල්, නැවුම් ආහාර ඉන්ධන හා ප‍්‍රවාහන ගාස්තු ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කි‍්‍රයාකර ඇත. එදිනෙදා වියදම්වලින් විශාල මුදලක් වැය කෙරෙන මෙම අංග 5 ඉවත්කිරීමෙන් කූට ලෙස කර ඇත්තේ වැඩකරන ජනතාවට ජීවන වියදම් ඉහල යාමේ දීමනාව කප්පාදු කිරීමය.
මේ මූලික කරුණු අනුව පෙනීයන්නේ පාතාලයන්ටත් කොල්ලකාරී ජාවාරම් කාර ආර්ථිකයේ කොටස් කරුවන්ටත් හැර අන් සියළු දෙනාටම මේ වසරේදී කොදු ඇට පෙළ දක්වා පටි තද කර ගැනීමට සිදුවන බවය. ඉතින් සුභ වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා.
Post a Comment
Your comment will be visible after approval