දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර්විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමනකොමිසම සැරසේ.උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්,විදුලිසංදේශකටුගෙයක්,ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකිඋත්සව ශාලාවක්ද අතුළත් වෙයි.මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින්ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.චයිනා නැෂනල් ඉලෙට්‍රෝනික්ස්ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහිඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේමධ්‍යස්ථානයට හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.
Post a Comment
Your comment will be visible after approval