Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

images (4) (1)වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ  ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව වාර්තාවේ.

අට සමත් වුවත්, ගරුතරව වෙසෙන මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගැසූ අයෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා ඝාතනය කිරීමේ කොටි ව්‍යාපෘතියට අතහිත දුන් මෙම විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයා, එම ව්‍යාපෘතිය කෙල වී තමන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගසා ජාම බේරා ගත් අයෙකි. 

තමා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ තෑග්ග වශයෙන් ජනාධිපතිවරයා විසින් රජයේ ප‍්‍රබල ඇමති ධූරයක් මොහුට ලබාදුන් අතර, එම අමාත්‍යංශය තුළ ඇති තරම් කොමිස් ගැසීමට අවස්ථාව ලබාදී අදාළ ෆයිල් පමණක් තමන්ගේ භාරයට ගෙන තිබේ. 
ඇති වී ඇති තත්ත්වය යටතේ ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාව හැර ගියත්, මෙම ඇමතිවරයා ජනාධිපතිවරයා හැර නොයයි. මොහු විසින් කෙටි කාලයක් තුළදී රැස් කර ගෙන ඇති ධනස්කන්ධය කවරේද යත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මොහු තම මනාප අංකය ගුවනේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යොදා ගනු ලැබුවේ ඒ සඳහා යන සියලූම වියදම් තම මැතිවරණ අරමුදලින් ගෙවමිනි. 
දැන් මොහුගේ අවධානයට ලක් වන්නේ රුපියල් මිලියන 100 න් එපිට කොමිස් කුට්ටි පමණකි. හරිහමන් අධ්‍යාපනයක්, කුලවත් වංශයක් නොමැති වීමෙන් මහත් සේ පීඩා විඳින මෙතුමා, ඉහත සඳහන් කළ මුදලට කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ‘පරණ වලව්වක්’ හොයන්නේ වංශවත් පරපුරක් හදා ගැනීමේ මූලික අරමුණෙනි. ගරු ඇමතිවරයාගේ මෙම සත්කාර්යය සඳහා සම්මාදම්වීමට කැමති ගුණයහපත් අය සිටී නම් වෙළඳ අමාත්‍යංශය භාරයේ හෝ ජනපි‍්‍රය ගායිකා මුදුන්කොටුව භාරයේ වහා අයදුම් කරන්න.

1 comments

  1. Anonymous  

    jony mama gana wage kiyanne

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter