Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

bus-1දකුණු අධිවේගී මාර්ගයේ අද පටන් ශ්‍රී ලංගම විසින් සුඛෝපභෝගී බස් රථ දෙකක් ධාවනයට එක්කළ අතර මුල් අදියරේදී මෙම බස්රථ දෙක පිවිසුම් ස්ථානවල නතර නොකරයි.

ඉදිරියේදී මගීන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව පිවිසුම් ස්ථාන වලද නතර කරන පුළුල් බස්රථ සේවයක් ඇරඹීමට සැලසුම් කර තිබේ.

මේ අනුව, මෙම බස්රථ දෙක දැනට මහරගම සිට ගාල්ලට ධාවනය කෙරෙන අතර කොට්ටාවේ හා පින්නදූවේ පමණක් නතර කරයි.මෙහිදී, මහරගම සිට ගාල්ලට රුපියල් 400 ක්ද, කොට්ටාවේ සිට ගාල්ලට රුපියල් 380 ක්ද, කොට්ටාවේ සිට පින්නදූවට රුපියල් 350 ක්ද, මහරගම සිට පින්නදූවට රුපියල් 370 ක්ද අයකරනු ලබයි.

එක් බස්රථයක් මහරගමින් උදෑසන 6.00 ට ගමන් ආරම්භ කර උදෑසන 7.30 ට ගාල්ලට ළඟාවන අතර අනික් බස් රථය ගාල්ලෙන් උදෑසන 6.00 ට ගමන් ආරම්භ කර උදෑසන 7.30 ට මහරගමට ළඟාවේ.යළි මහරගමින් උදෑසන 8.00 ට බස්රථයක් ගමන් ආරම්භ කරන අතර එය උදෑසන 9.30 ට ගාල්ලට එන අතර ගාල්ලෙන් උදෑසන 8.00 ට ගමන් ආරම්භ කරන බස් රථය මහරගමට එන්නේ උදෑසන 9.30 ටයි.

මහරගමින් උදෑසන 10.00 ට ආරම්භ වන බස් රථය ගාල්ලට උදෑසන 11.30 ට එද්දී ගාල්ලෙන් උදෑසන 10.00 ට එන බස් රථය උදෑසන 11.30 ට මහරගමට පැමිණේ.මහරගමින් පස්වරු 12.30 ට ආරම්භ වන බස්රථය ගාල්ලට සවස 2.00 වනවිට පැමිණෙන විට ගාල්ලෙන් පස්වරු 12.30 ට ආරම්භ වූ බස්රථය සවස 1.30 වනවිට මහරගමට ළඟාවේ.

යළි මහරගමින් සවස 2.30 ට ආරම්භ වන බසය ගාල්ලට ළඟා වන්නේ සවස 4.00 ටයි. ගාල්ලෙන් සවස 2.30 ට පැමිණෙන බසය මහරගමට සවස 4.00 ට පැමිණීමට සැලසුම් කර ඇත.දිනයේ අවසන් බස් රථය මහරගමින් සවස 4.45 ට පිටත් වන අතර ගාල්ලට සවස 6.15 වනවිට පැමිණීමට නියමිත අතර ගාල්ලෙන් පිටත්වන අවසන් බස් රථය සවස 4.45 ට පිටත්වී මහරගමට සවස 6.15 වනවිට පැමිණීමට නියමිතය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter