Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

S.B.Dissanayakeකට් කට්….ඒක එහෙම කියන්න එපා,මේ විදියට කියන්න..

උසස් පෙළ ප්‍රථිපල පිලිබදව පත්කෙරුණු විද්වත් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සැකසුනු විශේෂ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිනියේ විකාශය වූ අතර එහි ඇතුලාන්තය පිලිබදව විස්තර අපිට ලැබී තිබෙනවා.

ඒ සදහා ධාරා විජේතිලක මහත්මිය,කොළඹ,මොරටුව,ඌව යන විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්,රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු විද්වත් කමිටුවේ සාමාජිකයන් සහභාගී වූ අතර වැඩසටහන මෙහයවනු ලැබුවේ චමින්ද ගුණරත්න නිවේදකයයි.

මේ  වැඩසටහනේ අධ්‍යක්ෂණය සදහා අයෙකු නාමිකව සිටි අතර සැබවින්ම වැඩසටහන අධ්‍යක්ෂණය කලේ බන්දුල ගුණවර්ධන මහතා සහ එස් බී දිසානායක මහතායි.එම ඇමතිවරු දෙදෙනා පාලක මැදිරියේ සිට නිවේදකමහතාට හා විද්වත් කමිටුවට ඇසිය යුතු දේ හා නොඇසිය යුතු දේ ගැන උපදෙස් දුන් අතර සමහර අවස්ථාවන්හිදී “කට් කට්….,ඒක එහෙම කියන්න එපා,මේ විදියට කියන්න…” ආදී ලෙසද උපදෙස් දී තිබෙනවා.

මේ අවස්ථාවේදී මෙහි සිටි මෙම වැඩසටහනේ සැබෑ අධ්‍යක්ෂවරයාට කරන්නට කිසිදු දෙයක් තිබී නැති අතර වැඩසටහන සම්පුර්ණයෙන්ම අධ්‍යක්ෂණය කර ඇත්තේ එස් බී ඇමතිවරයා හා බන්දුල ගුණවර්ධන ඇමතිවරයායි.
අදාල විද්වත් කමිටුවේ සාමාජිකයන් රුපවාහිනී පරිශ්‍රයට පැමිණීමටත් පෙර එම ස්ථානයට පැමිණි අදාළ ඇමතිවරු දෙදෙනා වැඩසටහන පටිගත කිරීමෙන් පසු නැවත ගොස් ඇත්තේ “මේ වැඩසටහනේ කිසිදු කොටසක් සංස්කරණය නොකරන” ලෙසටද දන්වායි.”

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter