Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

images (1)මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව වාර්තා වේ.


මර්වින් සහ ලූසිඩා ඩුබායිහි ලැගුම්ගෙන තිබෙන්නේ ඔවුන්ගේ හිතවතෙකු වන ගිහාන් කරුණාරත්න නම් මිතුරෙකුගේ නිවසකය. ඩුබායි රටට වඩා පැය කිහිපයක් කලියෙන් 2012 වසර ලංකාවට උදාවීම නිසා ලංකාවේ කැළණියේ සිට මර්වින් සිල්වාගේ එක් අනියම් පෙම්වතියක්වන සුරේකා අවුරුද්දට සුභ පැතීම සඳහා මර්වින් සිල්වාගේ ජංගම දුරකථනයට කෝල් එකක් දී තිබේ.

කෝල් එක එන අවස්ථාවේදි ගිහාන්ගේ ගෙදර සාලයේ බිරිඳ සමග ටීවී බලමින් සිටි මර්වින් සුරේකාගේ නම දුරකථනයේ සටහන් වූ සැනින් හෙමින්ම දුරකථනය රැුගෙන නිදන කාමරයට ගොස් තිබේ. වෙනදාට මහහඩින් දුරකථනයෙන් කතාබහකරන මර්වින්, ඇඳමත ඇඹරෙමින් පෙරලෙමින් කුටු කුටුගාමින් හැසිරෙන ආකාරය ගැන සැකසිතූ ලූසිඩා නිදන කාමරයට කඩාවැදී ටෙලිෆෝනය උදුරාගෙන තිබේ.

මෙයින් මහත් කෝපයටපත් මර්වින් මොබයිල් එක රැගෙන නිදන කාමරයෙන් ඉවතට දිවයන ලූසිඩා පසුපස ‘‘මෙහෙදීපන් මගේ ෆොන් එක’’කියමින් පන්නා ගොස් තිබේ. එසේ දිවයන අතරවාරයේ ටෙලිෆෝනයට කනතබා ඇති ලූසිඩා සුරේකාගේ කටහඩින් ඇයව හදුනාගෙන තිබේ. ‘‘ආ මේ අර පරට්ටි නේද?’’ කියමින් මොබයිල් ෆෝනය පොලොවේ ගසා තිබේ.

මෙයින් තදබල ලෙස කෝපයට පත් මර්වින් ඇයට පයින් පහරදී තිබේ. එයින් තදබල ලෙස කිපුනු ලූසිඩා ඔවුන් මෙතෙක් වෙලා නරඹමින් සිටි ඞීවීඞී තැටිය අඩංගු ඞීවීඞී ප්ලේයරය ගෙන මර්වින්ට පහරදී තිබේ. ඊට මර්වින් පෙරලා පහරදී ඇත්තේ ගිහාන් කරුණාරත්නගේ නිවසේ තිබූ දැකුම්කළු වටිනා විදුලි පහනකිනි. විනාඩි ගණනක් තුළ මර්වින් සිල්වා හා ලූසිඩා සාලයේ බඩුවලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් කුඩුපට්ටම් කර තිබේ. අවසානයේ ලූසිඩා මහහඩින් හඩමින් නිදන කාමරයට වැදී දොරඅගුල් ලාගෙන හඩමින් සිට ඇත.

මර්වින් හට රැය පහන් කිරීමට සිදුවී ඇත්තේ සාලයේ සෙටියක් මතය. පසුදා අලූත් අවුරුද්දට කෑම බීමත් රැුගෙන ඇමතිවරයාට හා බිරිඳට සුභ පැතීමට පැමිණි ගිහාන් කරුණාරත්නට දැකගැනීමට හැකිවී ඇත්තේ යකා නැටූ සාලයකි. සිදුවී ඇති දෙයින් ගල්ගැසී ඇති ගිහාන්හට මර්වින් සිනහ වෙමින් පවසා ඇත්තේ ‘‘කම්මැලි නිසා ඊයේ අපි දෙන්නා රගර් ගැහුවා’’ කියාය.

පසුදා ලංකාවට පිටත්ව යන අවස්ථාවේදී ගිහාන් කරුණාරත්න හට සිදුවූ සියලූ දේ පවසා ඇති ලූසිඩා ගිහාන්ට සිදුවූ අලාභය ඇයට දන්වන ලෙසත් එම මුදල් එවෙලෙහිම ඔහුගේ ගිණුමට දමන බවට පොරොන්දු වී ඇති අතර එවිට ගිහාන් පවසා ඇත්තේ ‘කමක් නැහැ මැඩම් මර්වින් ඇමති තුමා මට ගොඩක් උදව් කරලා තියෙනවානේ’’ කියාය. නමුත් අදාල මුදල ඇය ගිණුම් ගතකරන බවට පොරොන්දු වී තිබේ.

දෙසැම්බර් 31 වන දින සිට අද ජනවාරි 31 වන දිනට මෙම සිද්ධියට මාසයක් ගතවී ඇතත් ලූසිඩා හෝ මර්වින් සතපහකවත් අලාභයක් ගිහාන්ට ගෙවා නැත. අලාභය තබා ඔවුන් දෙදෙනා දැන් ගිහාන්ගේ කොල්වලට ආන්සර් කරන්නේද නැත. ‘‘ගෙදර බඩු යකාට ගියාවේ මුන් දෙන්නා අඩුගානේ මගේ කෝල් එකවත් ගන්නැහැනේ’’ යැයි කියමින් ගිහාන් දිනපතා ලංකාවේ අයට ඩුබායි සිට මාසයක් තිස්සේ කෝල් දමමින් සිටී.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter