අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප‍්‍රදේශයටපෙට‍්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹඅතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කළාය.
සැකකරු කොළඹ තරු පහේ හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු ඉකුත්12 වැනිදා මෙම අපරාධය සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරියකොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඉකුත් 12 වන දින රාත‍්‍රි 7.00 ට පමණ නිවසට පැමිණි සැකකරු නිවසේ ප‍්‍රධාන ට‍්‍රිප් ස්විචය විසන්ධි කොට කාමරයක් තුළට බිරියදමා ඇඳුම් ගලවා රහස් ප‍්‍රදේශයට පෙට‍්‍රල් වත්කර ලයිටරයකින් ගිනි අවුලවා තිබේ. ප‍්‍රදේශවාසීන්ට එම කාන්තාව කෑ ගැසීමේශබ්දය ඇසී ඇය රෝහල් ගත කර ඇති බවද පැවසේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී තවත් පෙට‍්‍රල් පිර වූ කෑන් තිබූ බවත් සැකකරු සිය බිරියට මෙසේ ගිනි තබා ඇත්තේඇය අනියම් ඇසුරක් පවත්වන බවට සැකයක් ඇති වීම නිසා යැයි පොලිසිය අධිකරණයට දැන් වීය.
Post a Comment
Your comment will be visible after approval