හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි වාර්තාවේ. ඇය කලක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායිකාව ලෙසද කටයුතු කළාය.පසුගියදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම පක්ෂයට එක් වූ අතර දින දෙකකින් ඇයට එහි උපලේකම් ධුරයක්ද හිමිවිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙත එක්වන ලෙස ආරාධනය කර ඇති ආරාධනය සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද සඳහන්ය.
Post a Comment
Your comment will be visible after approval