Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

imagesමහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය පිරිනමා තිබේ. ගාල්ල දිස්ත්‍රික්ක්බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් එමගෞරව නාමය ඇමතිවරයා වෙත  ප්‍රධානය කර ඇත.

” මට පහුගිය දවස්වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මා සොළවන්නකිහිපදෙනෙක් උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්.මේ දවස්වල මම පොඩි නිවාඩුවක්  පිට ඉන්නවා.‘ යයි ඇමැති මර්වින් සිල්වා මහතාමාධ්‍ය අමතා පැවසිය.

මේ අතර මහජන සම්බන්ධතා සහ මහජන කටයතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැෙඟන චෝදනා සනාථ කිරීමේ ලියකියවිලි කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කමිටුවට බාර දීමට නියමිතව අතැයි වාර්තා වේ.

මෙම අවස්ථාව සඳහා කැලණිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රිවරුන් 16 දෙනාම සහභාගී වීමට නියමිත අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මින් පෙර ලිපිගොනු 30ක් බාර දෙනු ලැබි තිබිනි.

මේ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ශ‍්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව දැනුවත් කිරීමට නියමිත අතර විනය කමිටුවේ නිර්දේශ මධ්‍යම කාරක සභාවට ලබාදීමද සිදු කෙරේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter