ජපානයේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන සෝනි විසින් ජංගම දුරකතන නිෂ්පාදක සෝනි එරික්සන් සමාගමේ පාලනය නිල මට්ටමින් සියතට ගෙන ඇතැයි වාර්තා වේ.
ටෙලිකොම් උපකරණ නිර්මාණය කරන ස්වීඩනයේ එරික්සන් සමාගමට අයත් ව තිබූ සෝනි එරික්සන් හි 50%ක කොටස් මිලදී ගැනීමෙන් පසුව සෝනි සමාගමට මෙම බලය හිමිව තිබේ.මෙම ගණුදෙනුව පසුගියදා නිල වශයෙන් අවසන් වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
මින් මත්තට සෝනි එරික්සන් සමාගම හැඳින්වෙන්නේ ’සෝනි මොබයිල් කොමියුනිකේෂන්ස්’ ලෙස යැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.මෙම ගණුදෙනුවෙන් පසුව සෝනි එරික්සන්, සෝනි සමාගමට සම්පූර්ණයෙන් අයත් අනුසමාගමක් බවට පත්ව ඇත.
මේ සම්බන්ධව සෝනි හා එරික්සන් සමාගම් මුලින් ම අනාවරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.
Post a Comment
Your comment will be visible after approval