Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

indexඅඟහරුත් සෙනසුරුත් වක්‍රවී ගමන් කරන නිසා මේ ග්‍රහයන් දෙදෙනාම වක්‍රවී උච්ච රාශියක සෙනසුරු ගමන් ගත් අවස්ථා වල මීට පෙරත් ලොව පුරා කලබල තත්ත්වයක් ඇතිවී තිබේ. පාලකයන්ට ජනතා විරෝධය මතුවේ. ඔවුන් තනතුරු වලින් ඉවත්වී යන තරමටම පත්විය හැකිය. පෙබරවාරි 29දා වන අද වසර හතරකට පසුව උදාවන දිනයකි. හෙට මාර්තු මාසය ආරම්භ වන්නේ අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදීයි. එම පිහිටීම අනුව සිදුවන අනාවැකි පිළිබඳව ආත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද පුවත්පතකට පවසා තිබෙනවා.

ජනතා කණ්ඩායම් පාලකයාට විරුද්ධව කැරලි ගසයි උද්ඝෝෂණය කරයි. සෙනසුරු උච්චව සිටියදී වක්‍රවූ විට ඊට සමානුපාතිකව කුජ හෙවත් සටන්කාමී ග්‍රහයා වක්‍ර වුනාම සිදුවුණු ඒ අමිහිරි සිදුවීම් නැවතත් මේ මාසයේදී සිදුවේ. අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදී මාර්තු මාසය පටන්ගන්නා නිසා අධ්‍යාපනය ආශ්‍රිතව වර්ජන ඇතිවීමට ඉඩ ඇත. විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය, රාජ්‍ය වැනි ක්ෂේත්‍රවලද වර්ජන මතුවිය හැකිය.

මේ සෙනසුරු වක්‍රය අගෝස්තු 4 තෙක් පවතී. මේ නිසා රට කෙරෙහි තද බල අතුරු අන්ත්‍රා සිදුවන බව කිව හැකිය ජාත්‍යන්තර චෝදනා වල පිළිතුරු සපයන්නට සිදුවේ.මුළුතැන්ගෙයි ආර්ථික අර්බුදයට පත්වේ. වියදම් වැඩිවේ. ආදායම් මාර්ග අඩුවේ. මානසික ආතතිය වැඩිවන කාලයක් නිසා ජනතාව උද්ඝෝෂන වලට පෙලඹේ.

මාර්තු මාසයේදී රවී මීන රාශියට මාරුවේ. මේ මාර්තු 15 වෙනිදා රජ සංක්‍රාන්තියත් සමඟ කෝණ මාසය හමුවේ. ලංකාවේ ප්‍රධාන නිෂ්පාදනයක් වන වී නිෂ්පාදනයට බාධා ඇතිවේ. වී ගොවියා අපහසුතාවයට පත්වේ.මිනී මැරුම් ගැන, රාජ්‍ය ප්‍රභූන්ගේ ඝාතන පිලිබඳ රහස් හෙළිකරගැනීමට ඔත්තු සේවා වලට හැකිවේ.

ඇමරිකාව හා ඇෆ්ගනිස්ථානය අතර යුධමය තත්ත්වයන් සමනයකට සාකච්ජා ඇතිවේ. සටන්කාමී ග්‍රහයා වන කුජත් වක්‍රවී සිටීම නිසා සටන්කාමි බව මඟ හරින්න ඇමරිකාව උත්සාහ ගන්නා කාලයකි. සෙනසුරු, අඟහරු වක්‍රවී සිටීම අධිරාජ්‍යවලට අසුබය. ලොව බොහෝ රටවල් වලට ආර්ථික උද්ධමනය දරුණුවට බලපායි.

රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳව අඟහරුගේ සම්බන්ධය හොඳින් බලපායි. ඒ නිසාම ඊජිප්තුව වැනි රටවල රාජ්‍ය නොවන සංවිධාන ඒ රටවල් ඇතුලේ අවුල් ඇතිකරගනී. එමෙන්ම ලොව විවිධ රටවල් රාජ්‍යනොවන සංවිධාන වලට එරෙහිව නැඟී සිටියි. තම අධිකරණ පද්ධතිය හරහා විවිධ නීති ක්‍රියාත්මක කරයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter