Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

FireballsSunFire3ප‍්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.

මේ සතිය මුලදී සුර්ය ගිනිදැල් අතර ඇති වූ ඝට්ටනයක් කුණාටුව ඇති වූ බව සඳහන් වන අතර මෙය වසර 05 කින් පෘථිවි කරා යොමුවන විශාලතම සුර්ය කුණාටුව ලෙස සැලකේ.

මෙම කුණාටුවේ වැඩි බලපෑම ධ‍්‍රැව ප‍්‍රදේශවලට සිදුවනු ඇති අතර විදුලිබල පද්ධති, චන්ද්‍රිකා මාර්ගෝපදේශ පද්ධති සහ ගුවන් ගමන් මාර්ග වලටද බලපෑම් ඇති විය හැකි බව ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝල අධ්‍යයන ආයතනය නිවේදනය කරයි.

ඔවුන්ට අනුව වසර 5කට පසුව ඇති වන විශාලතම සූර්ය කුණාටුව මෙය වේ.ග්‍රින්ච් වේලාවෙන් අද පස්වරු 6ත් 10ත් අතර මෙම කුණාටුව ඇතිවන බව යි.කුණාටුවේ බලපෑමෙන් විදුලිබල සම්ප්‍රේෂණ චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු සහ ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.

මෙම කුණාටුව එක්සත් රාජධානියට අද රාත්‍රීයේ පැහැදිලිව දර්ශනය වනු ඇතැයි, බ්‍රිතාන්‍ය භූ විද්‍ය සමීක්ෂණ සේවය පවසයි.සිකුරාදා උදෑසන දක්වා කුණාටුවේ බලපෑම පෘතුවියට එල්ල වනු ඇති බව විශේෂඥයෝ අනුමාන කරති.

සූර්ය කුණාටුවත් සමග  හටගන්නා කොටස් පැයට සැතපුම් හතළිස් ලක්ෂයට වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි, ද විද්‍යාඥයෝ පවසති.සූර්ය කුණාටුවකදී සිදු වන්නේ, සූර්යා තුළ පවතින චුම්බක බල ශක්තිය මුදා හැරීමයි.1979 දී මෙවැනි සූර්ය කුණාටුවකින් අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ දිගුදුර දුරකථන සන්නිවේදන පද්ධතිය සම්පූරණයෙන්ම ඇණ හිටීමකට ලක් විය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter