Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ඒ පිලිබදව කිසිවක් නොදැන සිටි රත්නසිරි ඒ පිලිබදව ආරක්ෂකයන්ගෙන් විමසු අතර එහිදී ආරක්ෂකයන් කියා සිටියේ පාර වසා දම හෙයින් ඉදිරියට යා නොහැකි බවයි.ඉහල පෙලේ අමාත්‍යංශයක  ප්‍රබල ලේකම් කෙනෙකු ගමන් ගන්න නිසා මාර්ගය වැසූ බවද රත්නසිරි වික්‍රමනයකට දැනගන්නට ලැබුණි.
මිට සතියකට පමණ ඉහතදී රත්නසිරි වික්‍රමනායක මහතා රැගත් රථය සහ ඊට ආරක්ෂාව සැපයු තවත් රථ දෙකක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ගමන් ගනිමින් තිබිණි.නමුත් හදිසියේම රත්නසිරි වික්‍රමනායකගේ රථය නවත්වන්න සිදු වුයේ ආරක්ෂක අංශ මාර්ගය හදිසියේ වසා දැමීම නිසාය.

ඒ අනුව කෝපයට පත්වූ රත්නසිරි වික්‍රමනායක සිය ආරක්ෂක නිලධාරින්ද පුදුමයට පත්කරමින් නිල රථයෙන් බිමට බැස්සේය.ඉන් පසු පාර වසා දැමීමට කටයුතු කල ආරක්ෂක නිලධාරීන් වෙත ගොස් තම හිටපු අගමැතිවරයෙකු හා ආරක්ෂක ඇමතිවරයෙකු බවත් තමාට යාම සදහා මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටියේය.නමුත් ආරක්ෂක නිලධාරීන් කියා සිටියේ අදාළ ලේකම්වරයා ගමන් කරන විට කිසිදු කෙනෙකුට මාර්ගය විවෘත නොකරන මෙන් ඉහලින් නියෝග ලැබී ඇති නිසා එයට ඉඩ දිය නොහැකි බවයි.

ආරක්ෂක නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයෙන් දැඩි කෝපයට පත් රත්නසිරි උස් හඩින් "මම යනවා..පුළුවන් නම් වෙඩි තියනවා"යයි කියමින් සිය රථයට නැග වසා තිබු මාර්ගය බලෙන්ම විවෘත කරගෙන යන්න ගියේය.මෙම සිදුවීම රත්නසිරි වික්‍රමනායක මහතා පසුගිය දිනවලදී ආණ්ඩුව විවේචනය කරමින් කල කතාවලට එක් හේතුවක් විය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter