Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් අද දියත් වුණා.

ඒ යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙන වංචා කිරිම චෝදනාව මතයි. වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ DND සත් සේවය නමින් කාර්යාලයක්ද පවත්වාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කොට තිබෙනවා.

විශ්ව ශක්තිය මගින් ඕනෑම ලෙඩක් සුව කර දෙන බව කියමින් රෝගීන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කොට ඇත.තම ප්‍රතිකාර වලින් සුව වූ අයගේ වීඩියෝ දර්ශනයි කියමින් පැමිණෙන රෝගීන් මුලා කොට ඇති අතර පුවත්පත්වලද දැන්වීම් පලකොට ඇත.කෙසේ නමුත් වැටලීම කරන අවස්ථාවේදී දාළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා ස්ථානයෙන්  පැනගොස් තිබෙන අතර DND සත් සේවයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද ඞී.එන්. දළුවත්ත මහතාට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ජලය හොරෙන් ලබා ගැනීම පිළිබද චෝදනාවක් ගොනු කොට තිබු අතර එම චෝදනාව සදහා ඔහුව අත්අඩංගුවට ගැනීමට ආ දිනයේදීද ඔහු පැන ගොස් තිබෙනවා.




0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter