තෙල්දෙණිය ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන මධ්‍යස්ථාන 3 ක් වටලා එහි තිබු අසභ්‍ය චිත්‍රපට අඩංගු හාඩ් ඩිස්ක් කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඒවායේ අසභ්‍ය ඡායාරූප 1,000 කට අධික තොගයක් තිබු බව පොලිස් පරික්ෂණවලදි හෙලිවි ඇති බවය. එයට අමතරව අසභ්‍ය චිත්‍රපට 3 ක් සංයුක්ත තැටි කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.ඒ සදහා යොදා ගනු ලැබූ පරිඝණක 3 ක් ද පොලිසිය භාරයට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Post a Comment
Your comment will be visible after approval