Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය මාසයේ රජයේ පුවත් වෙබ් අඩවියක් මගින් වාර්තා කලේ සජිත් ප්‍රේමදාස මහතා නැසීගිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතයක් වන "මලට බඹරෙකු සේ" ගීතය බටහිර පොප් රිද්මයකට ගායනා කිරීම නිසා  ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ ශීලා විජේවර්ධන මහත්මිය විසින් බුද්ධිම දේපළ පාදක කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බවයි. 

නමුත් පසුගිය සතියේ විරපොකුනේ පැවැත්වූ රැස්වීමකදී සන්ෆලවර් සමග මලට බඹරෙකු ගීතය ගායන කල සජිත් ප්‍රේමදාස පවසා සිටියේ 
"මේ ගිය ගයන  ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේපවුලේ අය මම ගී ගයනවට විරුද්ධයි කියලා ආණ්ඩුව කියනවා.මට ඒ පවුලේ අය කතා කරලා කීවා , කමක් නෑ ඔබතුමා ගීතය ගයන්න කියලා".
යනුවෙනි.

ශලිනි කොහෙද ඔබේ ගම් පළාත?

මගෙ උපන්ගම බලංගොඩ මම මූලික අධ්‍යාපනය ලැබුවෙ බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලෙන්. පසුව මීගමුව ප්‍රදේශයේ පදිංචියට ආව නිසා මීගමුව නිවුස්ටඩ් විදුහලට ඇතුළත් වුණා.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගය කළා නේ ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙන්. හැබැයි පෞද්ගලික අංශයේ විභාග අපේක්ෂිකාවක් ලෙස. මම පෙනී සිටි විෂයන් සමත්. ඒත් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදි. පසුගිය කාලෙ මම සම්පූර්ණයෙන් ම හිත යොදවල තිබුණෙ අධ්‍යාපන කටයුතුවලට.

ඔබ උසස් පෙළට වාණිජ විෂයන් කළේ විශේෂ බලාපොරොත්තුවකින් ද?

මට තේරෙන වයසෙ ඉඳල මට තිබෙන ආශාවන් තමයි, මගෙ ම කියල ව්‍යාපාරයක් පටන් ගැනීම. ඒ අදහසිනුයි මම උසස් පෙළට වාණිජ විෂයන් කළේ. ඒ වගේ ම මට කිසිම අදහසක් තිබුණෙ නෑ කලාවට සම්බන්ධ වෙන්න. ඒ නිසයි මම කලාවට සම්බන්ධ විෂයන් ඉගෙන නොගත්තේ.

පසුගිය දවස්වල රියදුරු බලපත්‍රය ගන්න වෙහෙසුණා නේද?

ඔව්. යන්තම් ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස්.

පාසල් යන කාලෙ තිබුණු වෙනත් බලාපොරොත්තු මොනවද?

ඒ කාලෙ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි, ගුවන් සේවිකාවක් වීම. කොහොම වුණත් මගෙ ව්‍යාපාරික හීනය මම හැබෑ කර ගන්නවා.

ඔබේ හිත ගිහිං තියෙන්නෙ මොනවගේ ව්‍යාපාරයකට ද?

ඇඳුම් විලාසිතාවලට.

කලාවට ඔබ සම්බන්ධ වීම අහම්බෙන් සිදු වූවක් ද?

ඇත්තෙන් ම ඔව්. මම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලෙ සිරස කුමරිය තරගයට අයදුම්පත් කැඳෙව්වා. ගෙදර අයගෙ ඉල්ලීමටයි මම ඒකට ඉදිරිපත් වුණේ. සිරස කුමරිය වුණාට පසුව මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකටම පෙනී සිටියා.

ඉන් පසුව ටෙලිනාට්‍ය කීපයකට ම ආරාධනා ලැබුණා. රංගනයට එන්න මගෙ බලාපොරොත්තුවක් තිබුණෙම නෑ. මගෙ පවුලේ අය කියපු නිසයි මම රංගනයට ආවෙ.

මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කලා කටයුතු මොනවාද?

අවුරුදු 30 කට පසුව යාපනයේදී රූපගත කෙරෙන ‘සෙල්වම්’ චිත්‍රපටයේ රඟපානව. ඒ වගේ ම ‘අරුන්දතී’ ටෙලි නාට්‍යයේත් ‘අලුත් ගෙදර’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ස්වර්ණවාහිනියෙ ‘ඩාන්සින්’ වැඩසටහනටත් මේ දවස්වල සහභාගි වෙනවා.

ගඟ අද්දර’ ටෙලිනාට්‍යයේ නිර්මලා ගෙ චරිතය අභියෝගයක් කියල හිතුවද?

අභියෝගයක් විතරක් නෙමේ, මුලින් ම මට බය හිතුන ඒ චරිතය බාරගන්න. ඒකට හේතුව තමයි ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතය ප්‍රවීණ නිළියක වන වසන්ති චතුරානි නිරූපණය කර තිබීම. ඇය කළ රංගනය රසිකයන්ගේ හිතේ තාම රැඳිල තිබෙනව.

ඒකට හානියක් නොවෙන්න මට ඒ චරිතය කළ යුතු නිසයි මට බය හිතුණේ. නමුත් ‘ගඟ අද්දර’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මට කිව්වා අපි මේ කරන්න හදන්නේ “ගඟ අද්දර” චිත්‍රපටය නෙමේ ඒ නිසා බයවෙන්න එපා ඔයා නිදහසේ රඟපාන්න කියලා. ඔවුන් තවදුරටත් මට කතාව පහදල දුන්නට පස්සේ මමත් ඒ කතාවට ආදරය කරන්න පටන් ගත්තා.

ඒ විදියටයි මම ‘ගඟ අද්දර’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ටෙලිනාට්‍ය නරඹන ගොඩක් දෙනෙක් මම ඒක හොඳට කරල තියෙනව කියල කියනව. මම මේ දක්වා සම්බන්ධ වුණු හොඳම නර්මාණයක් ‘ගඟ අද්දර’ ටෙලිනාට්‍යය. හැබැයි මම මේ වනතෙක් ‘ගඟ අද්දර’ චිත්‍රපටය නරඹල නම් නෑ.

ඔබේ පවුලේ තොරතුරු…?

මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙ මමයි අයියයි නංගියි. මගෙ අම්ම නිර්මා සුරාජි. ඇයත් කලාවට සම්බන්ධයි.

ඔබේ පෙම්වතා ගැන තොරතුරු කිව්වොත්…?

මට පෙම්වතෙක් නෑ.

ඔබේ පෙම්වතා මොන වගේ කෙනෙක් විය යුතු ද?

මූලික ම දේ තමයි අවංකකම. ඒ වගේ ම මගෙ පෙම්වතා මාව තේරුම් ගන්න පුළුවන් මට ආදරය කරන කෙනෙක් විය යුතුයි.

රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබී නැතිද?

රසිකයින්ගේ ආදර යෝජනා එමටයි. ඒත් මම ආදරය කරන්න ඕන මට ගැළපෙන කෙනෙකුටනේ. ඒ වගේ ම කාට හරි ආදරය කරන්න ඔහු කෙරෙහි මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නත් ඕනනේ. ඒ නිසා රසිකයින්ගෙන් ලැබෙන ආදර යෝජනා ගැන මම වැඩිය හිතන්නේ නෑ.

දිගටම කලාවේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවද?

ම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන්. රසිකයන්ට එපා වෙවී දීර්ඝ කාලයක ් රංගනයේ රැඳී ඉන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. තව බොහොම කෙටි කාලයයි මම කලා ක්ෂේත්‍රයේ ඉන්නෙ. ඒ කාලය සතියද දෙකද අවුරුද්ද ද දෙකද කියල කියන්න බැහැ. මට ඇති කියල හිතුන හැටියෙම මම කලාවෙන් සමුගන්නවා.

ගාමිණී සුසන්ත

අයගේ නවත

චයිත්‍රා, ඔබ ගැන වැඩි යමක් දැන ගන්නට ‘රසඳුන’ පාඨකයන් කැමැති වේවි.

මම ඉන්දියාවේ බැංගලෝරයේ කන්නඩ ජාතික පවුලක තරුණියක්. අම්මයි තාත්තයි සහෝදරියකුයි මමයි තමයි ඉන්නේ. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.

චන්නගේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

චන්න සර්, ඔහුගේ අලුත් චිත්‍රපටයට නිළියන් තෝරා ගැනීමට ඉන්දියාවට ආවා. එහිදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා මමත් සහභාගි වුණා. අවසානයේ දී ඔහු මාව තෝරා ගත්තා.

සිනමාවේ කුලුඳුල් රංගනය විදේශීය චිත්‍රපටයකින් ඇරඹීමට සිතුවේ ඇයි?

පුංචි කාලේ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක වීමටයි. ඉතින් ඒ අවස්ථාව මට මුලින් ම ලැබුණේ මේ චිත්‍රපටයෙන්.

මේක මගේ රටේ නිර්මාණයක් නොවුණත් එය මට ප්‍රශ්නයක් වුණේ නැහැ.

මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිනමාවට පා තැබීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි.

භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඔව්. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ.

නමුත් මේ චිත්‍රපටයට මා තෝරා ගැනීමෙන් පසු චන්න සර් ඇතුළු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මම වැනි විදේශීය ආධුනික නිළියකට එය විශාල ශක්තියක්.

විදේශීය චිත්‍රපටයක රඟපෑම ගැන ඔබේ පවුලේ අයගෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද?

අනේ නැහැ. ඔවුන් හරිම බුද්ධිමත්. මගේ උත්සාහයට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ. මගේ රංගන හැකියාව ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා.

මේ චිත්‍රපටය සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?

ඔව්. මට විශ්වාසයි.

ඉදිරියේදී වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ද කල්පනාව?

ඔව්. මට තවම වයස අවුරුදු 19 යි. මම තවම අධ්‍යාපන කටයුතු වල නියැලිලයි ඉන්නේ.

රඟපෑම මම කුඩා කල සිට දුටු හීනයක්.

ඒ හීනය දැන් හැබෑ වෙලා ඉදිරියේ දී මම අනිවාර්යයෙන් ම වෘත්තීය රංගන ශිල්පිනියක් වේවි.

මේ චිත්‍රපටයත් සමඟම ඔබට තවත් චිත්‍රපට දෙකකට ඇරියුම් ලැබී තිබෙනවා නේද?

ඔව්. චන්න සර් මාව මේ ෆිල්ම් එකට තෝරා ගත්තට පස්සේ තමයි ඒ ෆිල්ම්ස් දෙකටම මාව තේරුණේ. ඒ චිත්‍රපට දෙකම මගේ මව් රටේ නිෂ්පාදනය වන චිත්‍රපට දෙකක්. තව ම එහි වැඩ කටයුතු ඇරඹුණේ නැහැ.

සිංහල සිනමාවෙන් රංගන වරම් ලැබූ ඔබ ඉදිරියේදී ඉන්දීය සිනමාවට පමණක් කොටු වේවිද?

අපෝ නැහැ. ලංකාවෙන් මට ආයිත් ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන් ම ඒ ආරාධනය පිළිගන්නවා.

කුමන රටේ වුණත් කිනම් භාෂාවකින් නිපදවන චිත්‍රපටයක් වුණත් එය හොඳ චිත්‍රපටයක් නම් මම එයට දායක වෙනවා.

ලංකාව සහ අපේ සිනමාව පිළිබඳ ඔබට ඇතිවුණ හැඟීම අපි දැන ගන්න කැමැතියි.

ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්.

ආගන්තුක සත්කාර අතින් ලාංකේය ජනතාව ඉහළයි. සිනමා කර්මාන්තය ගැන නම් මට තාම ඒ හැටි වැටහීමක් නැහැ. ඒත් මෙරටේ ජනතාවට නම් මම හරිම කැමැතියි. ඔවුන් හරිම ළෙන්ගතුයි.

ටානියා මෝසස්

ඡායාරූප -මහේෂ් නිශාන්ත


  
*
      අද මැච් එකට ලසිත් ක්‍රිඩා කරනවා-සංගා

    *
      මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට

    *
      හැම දේටම කොළඹ සුදානම්
    *
      ටිකට් ඹ්ක්කම ඉවරයි

    මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට
    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන පාකිස්තාන පිතිකරුවන් මුත්තයියා මුරලිදරන් හා ලසිත් මාලිංගගේ පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ තණතීරුවල භයානක ලෙස පන්දු දඟ කවන්නෙක් බවත් මාලිංග ‘යෝකර්’ පන්දු යවන අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බවත් පාකිස්තාන ක්‍රිකට් නායක සහිඩ් අෆ්රිඩිගේ අදහස වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුරලිදරන් දැනට එක්දින කඩුලු 521ක් ලබා ඇති අතර, ටෙස්ට් බිමෙන් සමුගනිද්දී ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත්තේය.
    ලසිත් මාලිංග කැනඩාව සමඟ පළමු තරගයට සහභාගී නොවුනද පාකිස්තානය සමඟ තරගයට අලුත් ජවයකින් එක්වනු ඇතැයි අෆ්රිඩිගේ අදහස වී තිබේ. “ආබාධ තත්ත්වයක් හේතුවෙන් මාලිංග කැනඩා තරගයට නොපැමිණි නිසා අපට තර්ජනාත්මකව පන්දු යවන්න පුළුවන්. ඔහුගේ පන්දු යැවීම කෙසේ වේවිද කියා අපි විමසිල්ලෙන් සිටිනවා” අෆ්රිඩි සඳහන් කළේය.
    මාලිංග – මුරලි හෝ ඕනෑම පන්දු යවන්නෙකුට සාර්ථකව මුහුණදීමට අප බලාපොරොත්තු වෙනවා” අෆ්රිඩි පැවැසීය. මේ අතර ඊයේ ඛෙත්තාරාම ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැසුවේ මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය අතිශයෙන් වැදගත් බවය. ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මුරලිට උසස්ම උපහාරයක් වනු ඇතැයි කපුගෙදර පැවැසීය. “මුරලි විශේෂ පුද්ගලයෙක් ඔහු විශිෂ්ටයෙක්.” කපුගෙදර සඳහන් කළේය.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.
දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.
අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.
ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.
අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)
අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම
උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්
පාකිස්‌තානු කණ්‌ඩායම – සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)

 ජැක්සන් ඇන්තනි "ප්‍රධිපා" නවීකරණය නිරීක්ෂණය කරමින්

හම්බන්තොට වරාය විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ කරදියවර මංගල්‍යය නම්වූ උත්සවය සදහා රුපියල් තුන්කෝටි හත් ලක්ෂයකට ආසන්න මුදලක් වැයවූ බව වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට සිටියා.


එජාප පාර්ලිමේන්තුමන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමත්‍යවරයා මේ බව හෙලිකරා.


කරදියවර මංගල්‍යයේ ප්‍රාසංගික කටයතු සිදුකොට ඇත්තේ ක්‍රියේටිව් හෙලන් නමැති සමාගම විසිනි.මෙම ක්‍රියේටිව් හෙලන් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දරන්නේ ජැක්සන් ඇන්තනි වන අතර එම උත්සවය සදහා සමාගමට ගෙවන ලද මුළු මුදල රුපියල් එක්කෝටි අසූ එක් ලක්ෂ හැට හත්දහස් පනහක් වේ.


මෙම උත්සවයදී විශාල වියදමක් දරන්න සිදු වුයේ ප්‍රධිපා II නමැති බෝට්ටුව වරාය අධිකාරය විසින් මිලියන 10 කට අධික මුදලක් වැයකොට මොනරෙකුගේ ආකාරයට සැරසීම නිසාවෙනි.

වර්තමාන ගුවන්විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් සාරධර්ම හා සමාජ ආචාරධර්ම ගැන දේශනා කලත් ඔහුගේ සැබෑ චරිතය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.


හඩ්සන් සමරසිංහ ගේ පළමු විවාහයෙන් ඔහුට අවුරුදු 28 ක පමණ පුතෙක් සිටින අතර ඔහු පළමු විවාහයේ බිරිඳ හා ඔහුගේ පුතා හිතුමතේ අත හැර ඔහු වෙනත් විවාහයක් කරගෙන අත.


අද වනතෙක් ඔහු තම විසින් හිතුමතේ අතහරින ලද ඔහුගේ පළමු විවාහයේ බිරිඳ හා පුතා ගැන සොයා නොමැත.
අද වන විට ඉතා අසීරුවෙන් කල් ගෙවන එම මව සහ පුතා හඩ්සන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන්නේ ඔහුට ඇති බිය නිසාය.


හඩ්සන්ගේ පළමු විවාහයේ පුතා මේ වන විට අනුන්ගේ ශරීර සම්භාහනය කරමින් තම මව සමග ජිවත් වෙයි

රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත් ‘ ඕලූ’ ටෙලි නාට්‍යයේ ඕලූගේ චරිතයට පණ පෙවූ මංජුලා කුමාරි එහි දෙවැනි කොටස වන ‘ ඕලූ -2’ ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මංජුලා, ඇය විසින් ආරම්භ කර ඇති ‘ ඕලූ ක‍්‍රියේෂන්’ නම් සමාගම මගින් ඕලූ -2 ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමට ඕලූ පළමු කොටසේ නිෂ්පාදකයන් වූ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලීමත් සමග ඇතිවූ හබයක් දුර දිගයාමෙන් ඇය මෙම ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි පැවසේ. අදාළ සිද්ධියත් සමග ස්වර්ණවාහිනිය විසින් ඕලූ පළමු කොටසේ රඟපෑ සියලූම නළු නිළියන් ඉවත්කර අලූත් නළු නිළියන් යොදා ගෙන ඇතැයිද වාර්තා වේ. කෙසේවුවද මේ වන විට ඕලූ -2 ටෙලි නාට්‍යයේ වැඩ ආරම්භ කර ඇතැයිද එහි ප‍්‍රධාන චරිතය සඳහා මංජුලා වෙනුවට කාංචනා මෙන්ඩිස් ගෙන ඇති බව කාලා ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඕලූ හි ප‍්‍රධාන නළුවා වූ සුරාජ් මාපා ද ඕලූ -2 නාට්‍යයෙන් ඉවත්කර එහි ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට මේනක රාජපක්‍ෂ ගෙන ඇතැයි ද පැවසේ.
































ලනඩනයේ පිහිටා ඇති පර්යේෂණ හා උපදේශන සමාගමක් වන Economist Intelligence Unit's (EIU) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව රටවල් 140 ක් අතුරින් ජීවත්වීමට නුසුදුසුම නගර 10 ට කොළඹ නගරයත් ඇතුලත් වී තිබේ.


මෙම සමීක්ෂණයට පාදක වී ඇති සංරචක වන්නේ 

  • ස්ථායිතාවය 
  • සෞඛ්‍ය හා සනීපාරක්ෂාව 
  • සංස්කෘතිය හා පරිසරය 
  • අධ්‍යාපනය
  • යටිතල පහසුකම් වේ.
මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ලොව ප්‍රධානතම ක්‍රීඩා උත්සව වල සත්කාරක රටවල් ලෙස පත්වී ඇත්තේ මෙම දර්ශකයේ ඉහලම අගයක් ගන්න රටවල් වුවත් 2011 ලෝක කුසලානයේ සත්කාරක රටවල් ලෙස මෙම දර්ශකයේ පහලම සිටින රටවල් වන බංගලාදේශය හා ශ්‍රීලංකාව වැනි රටවල් තෝරාගෙන ඇති බවයි.
ජිවත් වීමට සුදුසුම නගර 10 හා නුසුදුසුම නගර 10 






 ජනාධිපතිතුමාට පිළිකාවක් ඇති බව හා වෙනත් අසත්‍ය ප්‍රචාර ගෙනයන උදවිය සෙවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් භික්ෂු වෙස්ගත් පිරිසක් යොදා ඇත.

මේ අනුව ජනපතිතුමා පිලිබඳ අසත්‍ය ප්‍රචාර හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගෙන යන පිරිස් පිළිබද වාර්තා එකරැස් කරගැනීම සිදුවේ.ඉහලින් නියෝග ලැබෙන තුරු කිසිවෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසටද නියෝග ලැබී ඇත.

එන්න දිනවන්න ගීතය තහනම් වෙයි! 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් නිල ජයඝෝෂා ගීතය ලෙස එලි දැක්වුණු ලහිරු පෙරේරාගේ "එන්න දිනවන්න"ගීතය තහනම් කොට ඇත.
ගීතයේ අනෙක් රටවලට අපහාස වන පරිදි රචනා වී ඇති නිසා ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගීතය වාදනය කිරීම අත්හිටුවීමට දැනටමත් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් එකඟතාවය පලකොට ඇත. 
.......... 
මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද ලහිරු පෙරේරා ගායනා කරන "එන්න දිනවන්න" ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය ලෙස එලි දක්වන ලදී.

නමුත් එම ගීතයේ පද රචනයට දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචන එල්ල වෙන්න පටන් ගැනුනි.මෙම ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය කිරීම පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාටද යොමුකොට තිබිණි.


ඒ අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලහිරුගේ ගීතය වෙනුවට වෙනත් ගීතයක් සකස් කරන ලෙස නියෝග කරනු ලැබිණි.ඒ අනුව මොබිටෙල් සමාගමේ අනුග්‍රහය යටතේ රූකාන්ත හා චන්ද්‍රලේකා විසින් ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල උපහාර" ගීතය නමින් ගීතයක් නිර්මාණය කොට ඇත.
එන්න දිනවන්න ගීතය බංගලාදේශයේ පැවති ලෝක කුසලාන සමාරම්භක උත්සවයට ගායනා කිරීම සදහාවත් අවසර ලැබී නොතිබිණි.
































Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter