Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ පදිංචිවූවන් අතර සන්නිවේදන කටයුතු මෙන්ම ගොවි ජනපදිකයන්ගේ මෙන්ම ග‍්‍රාමීය ජනයාගේ දෛනික තොරතුරු ගුවන් විදුලිය මාර්ගයෙන් සමාජගත කිරීමේ අරමුණින් '80 දශකයේ මුල්භාගයේදී මෙය ආරම්භ කළ කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලිය මේ වන විට ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවලට යට වී ඇතැයි වාර්තා වේ.

අද වන විට කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලිය මුදල් උපයා ගැනීමේ වෙළෙඳ සේවාවක් බවට පත් කර ඇත්තේ වත්මන් අධ්‍යක්‍ෂ නුරානියා හසන් බවට චෝදනා එල්ල වේ. ප‍්‍රජා ගුවන් විදුලියක අරමුණු අමතක කර දමමින් ජනතාවගේ ප‍්‍රශ්න හා ගැටළු ඉදිරිපත් කිරීම වෙනුවට අනුග‍්‍රාහකයන්ගේ  ඕනෑඑපාකම් වෙනුවෙන් මෙම ගුවන් විදුලි සේවාව ගොදුරු වී තිබේ. උදෑසන 8.00ට ආරම්භ කෙරෙන ගුවන් විදුලිය ඔස්සේ මුලින්ම ප‍්‍රචාරය වන්නේ ගුවන් විදුලි සංස්ථා සභාපති හඞ්සන් සමරසිංහ විසින් කොළඹ සිට විකාශනය කෙරෙන වැඩසටහනකි. ඉන් අනතුරුව දහවල් 2.00 වනතුරු සිංහල වැඩසටහන් සඳහා වෙන් කර ඇත. පස්වරු 2.00 - 3.00 දක්වා දෙමළ වැඩසටහන් සඳහා වෙන් කෙරෙන අතර, 3.00 - 5.00 දක්වා ඉස්ලාමීය ආගමික වැඩසටහන් ප‍්‍රචාරය කෙරේ.
බෞද්ධ හින්දු සහ කතෝලික ආගම් ප‍්‍රචාරක සේවා වැඩසටහන් සඳහ ගුවන් කාලයක් මෙහිදී ලබා නොදී නුරානියා හසන් අධ්‍යක්‍ෂවරයා ඉස්ලාමීය වැඩසටහන් සඳහා දවසේ හොඳම ගුවන් කාලයක් වෙන් කර ඇත්තේ අනුග‍්‍රාහකයන්ගෙන් ලැබෙන මුදල් හා සන්තෝෂම් නිසා බව වාර්තා සඳහන් කරයි.
 මීට පෙර කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ සුනිල් විජේසිංහගේ කාලවකවානුව තුළ ප‍්‍රජා ගුවන් විදුලියක අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා දැඩි ප‍්‍රයත්නයක් දැරීය. ඒ වෙනුවෙන් ජනතාව සමඟ සම්බන්ධ වූ ඔවුන්ගේ දෛනික ගැටළු ගම්මානවලට ගොස් විසුරුවා හැරීම සිදු කෙරිණි. ඒ තුළින් ප‍්‍රජාව හා ගුවන් විදුලි සේවාව අතර, සහසම්බන්ධයක් ගොඩනැගිනි. ඒ වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය ද ප‍්‍රජා ගුවන් විදුලි සේවාව සඳහා ආධාර ලබා දී ඇත. එහෙත් වත්මන් සභාපතිවරයාගේ ආදායම් ඉපැයීමේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් අත්හැර දැමුණු ප‍්‍රජා ගුවන් විදුලියක අරමුණු නිසා යුනෙස්කෝවද සිය සහයෝගය ඉවත් කර ගෙන ඇත.

Website - www.kothmale.org

- srilnakamirror-

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter