Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා මැයි 23 වන දින සිට ජුනි මස 12 වනදා දක්වා නායකත්ව පුහුණු  වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පළමුවෙන් මෙය හමුදා පුහුණුවක් ලෙස හැදින්වුවත් දැන් එය නායකත්ව පුහුණුවක් බවට පත්ව තිබේ.

නායකත්ව පුහුණු වැඩසටහන අභියෝගයට ලක් කරමින් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය පෙත්සමක් ඉදිරිපත්කොට ඇති අතර එම වැඩසටහන දින 7 ක් පමා කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(20) නීතිපතිවරයාට දැනුම් දී ඇත. 
එස්. බි එක්තරා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ මෙමගින් ළමයින්ට කන්න බොන්න දත් මදින හැටි උගන්නවා යනුවෙනි.නමුත් මෙම නායකත්ව පුහුණු වැඩසටහන මගින් එයට වැඩ පුළුල් විෂය පථයක් ආවරණය කිරීමට නියමිතයි.

සති තුනක නායකත්ව පුහුණුවට ඇතුලත් විෂය පථය 


  • ශ්‍රිලංකාවේ අනාගත දැක්ම හා ගෝලීය වෙනස්කම්
  • ක්‍රමෝපායික ජිවන සැලැස්මක් සැකසීම හා දිගුකාලින අරමුණු කරා ලංවිම
  • ඝන සරඹ
  • ප්‍රථමාධාර
  • ඉතිහාසය
  • නායකත්වය
  • ගැටුම් කලමනාකරනය
  • මනෝ විද්‍යාව
  • ලිංගික අතවර
  • රටේ නිතිය
  • සාමාජික සිරිත් විරිත්
  • නේවාසිකාගාර වත් පිළිවෙත්
  • රුපලාවන්‍ය හා පෞද්ගලික සනීපාරක්ෂාව

නායකත්ව පුහුණු වැඩසටහනේ අන්තර්ගතය කෙසේ වෙතත් එය ක්‍රියාවට නංවා තිබු අයුරු බොහෝ සිසුන්ට ගැටළුවක් වී තිබෙනවා.

එනම් නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර 
සිසුන් 10,000 කගේ සහභාගිත්වයෙන් සිදු කරන අතර එය මෙම මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි.ඉතිරි සිසුන් සඳහා ජුනි මස 16 වන දින දෙවන අදියර ආරම්භ වේ. 

නායකත්ව පුහුණුව සඳහා තෝරාගත් හමුදා කඳවුරු සිසුන්ගේ ජිවත්වන ප්‍රදේශයට අනුව වර්ගීකරණයක් සිදුකොට නොමැත.අනුරාධපුරේ වෙසෙන සිසුන්ට ත්‍රිකුණාමලේ කඳවරු වලට යාමටත් ගාල්ලේ සිසුන්ට අනුරාධපුරයට යාමටත් වැනි ඉතා දුර හමුදා කඳවරු සිසුන් සඳහා නියමකොට ඇත.සිසුන්ට ලබාදුන් හමුදා කදවුර කිසිම හේතුවක් මත වෙනස් කිරීමටද නොහැකි වේ.

අනෙක් ගැටලුව වී ඇත්තේ නායකත්ව පුහුණු පළමු වැඩසටහනට තෝරාගත් සිසුන් තෝරාගත් බවට යවන ලිපිය පසුගිය වෙසක් නිවාඩු හේතුවෙන් තවමත් ඇතැම් සිසුන්ට ලැබී නොමැති වීමයි.අන්තර්ජාලය ඔස්සේ එය දැනගැනීමට හැකි අතර අන්තර්ජාල පහසුකම් නොමැති සිසුවන්ට එය 
දැන ගැනීමට වනු ඇත්තේ අද (20)හෝ හෙටය(21)

ලිපිය ලැබී දින දෙකක් තුනක් තුල ගෙනයාමට පිළියෙළ කල යුතු භාණ්ඩ ලැයිස්තුව මෙසේයි. 
  1. ජාතික හැඳුනුම්පත
  2. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03 ක්
  3. සුදු කැන්වස් සපත්තු යුගලක් (ශාරීරික අභ්‍යාස සඳහා)
  4. සුදු මේස් කුට්ටම් 02 ක්
  5. අත්කොට ටී ෂර්ට් 02 ක්
  6. අත් දිග කමිස 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  7. නිල් කොට සලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  8. කළු හෝ නිල් පැහැති දිග කලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  9. සාරි 02 ක් සහ අවශ්‍ය පරිදි ඊට අදාල අනෙකුත් දෑ (කාන්තා සහභාගිවන්නන්ට)
  10. ට්‍රැක් බොටම් 01 ක්
  11. සිසුන් සඳහා කළු සපත්තු යුගලයක්
  12. සිසුවියන් සඳහා කාන්තා සෙරෙප්පු යුගලයක්
  13. රෙදි තොප්පියක්
  14. සුදු ඇඳ ඇතිරිලි 02 ක්
  15. සුදු කොට්ට උර 02 ක්
  16. තුවායක්සබන්දත් බෙහෙත්දත් මදින බුරුසුසපත්තු පොලිෂ් ආදිය 
  17. පිඟානක්කෝප්පයක්
  18. අගුළු දැමිය හැකි සූට්කේස් එකක්බෑගයක්/ Travelling Bag එකක්
  19. ෆයිල් කවර දෙකක්
  20. කාබන් පෑන් දෙකක්
සරසවි වරම් හිමි සිසුන් නායකත්ව පුහුණුවට සහභාගී වීම අනිවාර්ය වන අතර පුහුණුවට සහභාගී නොවීම විෂ විද්‍යාල ප්‍රවේශය අහිමි වීමට හේතුවක් වනු ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter