ජංගම ගණිකා ජාවාරමක යෙදී සිටි සුරූපී තරුණියන් 4 දෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් ගල්කිස්ස ටෙම්පලර් පාරේදී ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගණිකාවන් සමඟ එම ජංගම ගණිකා මඩම පවත්වාගෙන ගිය පුද්ගලයා හා සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
ලාබාල වයසේ සිටි මෙම තරුණියන් රුපියල් 4,000 සිට මිල ගණන් අය කරමින් ගණිකා වෘත්තියේ යෙදී ඇති අතර පොලිස් උපායදූතයෙකු යොදාගනිමින් පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම ජංගම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය බව කියන සැකකරු රනජයගම වෛද්‍යපාරේ පදිංචි නීල් කුමාර නැමැත්තෙකි.
ගණිකා සේවයේ යෙදි සිටි තරුණියන් වරකාපොළ, වැලිමඩ, දියතලා හා දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචි අය බව පොලිස් මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
සැකකරු මෝටර් රථයේ රියදුරු වශයෙන් පෙනී සිටිමින් මෙම තරුණියන් නංවාගෙන නොයෙක් ස්ථානවලට රැගෙන ගොස් ගැනුම්කරුවන්ට නොයෙක් මිලගණන් වලට ලබාදී ඇත.
Post a Comment
Your comment will be visible after approval