පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ “අමන්දා” හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි, දියණියක ප‍්‍රසූතකර ඇතැයි වාර්තා වේ.
චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතා, මහත් අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි.
අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි.
කෙසේ වුවද අමන්දා හි ප‍්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ.
චමල්ෂා දෙව්මිණි ‘සිරස කුමරිය’ රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිස ‘කිඳුරංගනා’ හි ‘නේත‍්‍රා’ චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.
ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය.
අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය.
ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව චමල්ෂා සමඟ විවාහ විය.
කෙසේ වුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි.
Post a Comment
Your comment will be visible after approval